එක්වෙනවද? වෙන්ව යනවද? ඉදිරි ක්‍රියාමාර්ග ගැන මහින්ද කියූ රහස් සියල්ල හෙළිවේ .!

Spread the love

මේ දේශපාලන ක්ෂේත්‍රය අතිශය උණුසුම්ව තිබෙනා සමයකි. ලඟ එන මැතිවරණයක සේයාවක් තිබෙන අතර මින් පෙර විරසකව සිටි දේශපාලන කණ්ඩායම් එක්වීමට සුදානම් බවද තැනින් තැන ප්‍රකාශ වේ.
මේ අතර ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පුංචි ඡන්දයට එක්ව තරග කි‍රීමට ආරාධනා ලැබෙන අතර තිරයෙන් පිටුපස ඒ සදහා සාකච්ඡා පවා ආරම්භ වී තිබේ. 
කෙසේ වෙතත් මෙම සාකච්ඡා වල තිරයෙන් පසුපස සිදුවූ  බොහො රසවත් මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඒවා සැකෙවින් මෙසේය.

පසුගිය අඟහරුවාදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගියේ අයවැය විවාදයට සහභාගීවීමටය.

මහින්ද පාර්ලිමේන්තුවේදී දිවා ආහාරය ගනිමින් සිටියදී සුසිල් ප්‍රේමජයන්ත සහ නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා හමුවූයේ මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරයේදීය. 

සර් අපි එකතුවෙලා ඡන්දයකට යමු සුසිල් යෝජනා කළේය.
ඔයාලා යෝජනා ටික ලිඛිතව එවන්න. මම අපේ මන්ත්‍රී කණ්ඩායමට දාලා තීන්දුවක් ගන්නම් හිටපු ජනපති කීවේය.
සර් කියන දේ තමයි ඒකාබද්ධ විපක්ෂය අහන්නේ නිමල් සිරිපාල කීවේය.
මම එයාලට කියන්නම්. හැබැයි තීන්දුව ගන්නේ ඒ අය තමයි. ඒක නමෛයි. මොකද නිමල් කොණ්ඩයට වෙලා තියෙන්නේ හිටපු ජනපති ඇසුවේ නිමල් සිරිපාලගේ බොරු කොණ්ඩය දෙස බලමිනි.
මම බාරයක් වුණා සර්. ඒකට කොන්ඩේ කැපුවා නිමල් සිරිපාල උත්තර දුන්නේය.

ඒ අනුව පසුදා උදෑසන සුසිල් සහ ජෝන් සෙනෙවිරත්න මහින්දගේ රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසට පැමිණියහ. ඔවුන් දෙදෙනා මහින්ද හමුවූයේ උදෑසන කෑම මේසයේදීය. 

සර් අපි එකතුවෙලා ඡන්දයට යමු ජෝන් දැඩිව ඉල්ලා සිටියේය. 

මේ අතර පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංසදයේ නියෝජිතයින් පිරිසක්ද ඒ වන විට මහින්ද හමුවීමට පැමිණ සිටියහ. ඇමැතිවරු දෙදෙනා පිටව ගිය පසුව ඔවුන් යෝජනා මාලාවක් මහින්දගේ අතට පත් කළෝය. ඒ යෝජනා මාලාවේ ඉහළින්ම තිබූ වගන්තිය පසුව පෑනෙන් ලියා තිබුණ වගන්තියකි. එහි තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකඟතාවයකට යාමට විරුද්ධ බවය.

මෙතැන සුසිලුයි ජෝනුයි ඉන්නවා දැක්ක නිසා දාපු වගන්තියක් නේද මහින්ද ඇසුවේ සිනාසෙමිනි.
ඔව් සර්. අපි ඕක දැන් තමයි පෑනෙන් ලිව්වේ. එහෙම එකතුවුණොත් අපි ගම්වලට යන්නේ කොහොමද එම නියෝජිතයෝ විමසූහ.
මන්ත්‍රී කණ්ඩායම කියන විදියකට මේ ගැන තීන්දුවක් ගන්නවා. මේ ගැන එයාලගේ මතය කියන තුරු අපි බලාගෙන ඉඳිමු. හැබැයි අපේ පැත්තේ ඉඳලා ‍පොඩි ‍පොඩි වරප්‍රසාදවලට එහා පැත්තට ගියපු කීප දෙනෙක් ගන්නත් ඔයාලා මට ඉඩ දෙන්න ඕන. අපේ පැත්තේ ඉන්න සමහරු ‍පොඩි ‍පොඩි වරප්‍රසාදවලට එහා පැත්තට ගිහින් ඉන්නවානේ. ඒ අය කීප දෙනෙක් ආපහු ගන්න ඕන මහින්ද කී විට පළාත් පාලන නියෝජිත සංසදයේ සාමාජිකයින් එයට වැඩි විරෝධයක් දැක්වූයේද නැත.

මේ අතර දිගින් දිගටම මෙම නියෝජිත කණ්ඩායම හිටපු ජනපතිගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් නොවන ලෙසය. 
මම දැන් පැහැදිලිව කිව්වානේ එකතු වෙන්නේ නෑ කියලා. කලබල නැතිව බලාගෙන ඉන්නකෝ මහින්ද අවසානයේදී කීවේ තරමක් තදින්ය.
මෙම සාකච්ඡාවෙන් පසුව මහින්ද ගියේ පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කැඳවා තිබුණේ සුසිල් සහ ජෝන් පැමිණ ලබාදුන් යෝජනා ගැන සාකච්ඡා කිරීමටය.

මට දිගටම චෝදනා කරන්නේ ඒකාධිපතියා කියලයි. මම පහුගිය කාලයේ තීන්දු ගත්තේ මන්ත්‍රීවරුන්ගෙන් අහලයි. ඒ නිසා මම සුසිල්ලා ඉදිරිපත් කරපු ලියුම ඔබතුමන්ලාට ඉදිරිපත් කරනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දුවක් ගනිමු මහින්ද යෝජනා කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතුවෙන්න ලොකු වුවමනාවක් තිබෙනවා. හැබැයි මේ වුවමනාව අවංකවද මේ අයගේ චේතනාව මොකක්ද කියන එක ගැන ප්‍රශ්නයක් තිබෙනවා වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කීවේය.

මේ හදන්නේ අපිව බිත්තියට හේත්තු කරලා ඉල්ලීම් දිනාගන්නයි. පහුගිය කා‍ලේ අපි ආණ්ඩුව විවේචනය කරපු විදියට අපිට ආණ්ඩුවේම කොටසක් එක්ක ඡන්දයකට යන්න බෑ පවිත්‍රා සිය විරෝධය දැක්වූවාය.
විවිධ අදහස් මැද අවසානයේදී තීරණය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ගැන සාකච්ඡා කිරීමට කමිටුවක් පත් කිරීමටය. මේ කමිටුව සඳහා කුමාර වෙල්ගම සහ ජනක බණ්ඩාර තෙන්නකෝන් පත් කළත් ඔවුහු එම කමිටුවට යාමට විරෝධය දැක්වූහ. කමිටුවට යාමට අකමැත්ත ප්‍රකාශ වන විට සනත් නිශාන්ත නැගී සිටියේය.

කාටවත් යන්න බැරි නම් මම යන්නම් සර් සනත් කැමැත්තෙන්ම වැඩේ භාරගත්තේය.
අ‍පෝ.. ඔයා නම් යන්න එපා. එතකොට කියයි ඔයා දැම්මේ වැඩේ නොකෙරෙන තැනට පත් කරන්න කියලා. ඒ හින්දා ඔයා පැත්තකට වෙලා ඉන්න මහින්ද සනත්ට කීවේ සියල්ලන්ම සිනා ගන්වමිනි. පසුව සී.බි. රත්නායකගේ නම යෝජනා විය. පසුව පවිත්‍රාගේ නමත් මහින්ද යාපාගේ නමත් එයට යෝජනා විය. 

[rns_reactions]