අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බැඳුම්කර සිද්ධිය පිිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමසම හමුවේ අද (20) පෙනී සිටීමට නියමිතයි.
ඉකුත් බ‍්‍රහස්පතින්දා කොමිසම අගමැතිවරයාට දැනුම් දුන්නේ අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසටයි.
ඕනෑම අවස්ථාවක බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට තමන් සූදානම් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර තිබුනත් මෙය තම සහචරයන් ආරක්ෂාකිරීමට කරලියට පැමිණෙන තවත් සැකකාර නායකයෙකුගේ ආගමනයක් බවයි සමාජ ජාල වෙබ් අඩවි වල සදහන්ව ඇත්තේ.
2015 වසරේ පෙබරවාරි මස පළමුවැනිදා සිට 2016 වසරේ මාර්තු මස 31වැනිදා අතර කාලය තුළ සිදුවූ බව කියන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශනය කිරීමටයි ජනාධිපතිවරයා මෙම කොමිසම පත් කළේ.
මේ අතර, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් බැඳුම්කර කොමිසමේදී සාක්ෂි විමසන අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන යසන්ත කෝදාගොඩ හා දප්පුල ද ලිවේරා අද දිනයේ බැඳුම්කර කොමිසමට නොපැමිණෙන බවටද වාර්තා වනවා. අද දිනයේදී නීතිපතිවරයා කොමිසමට පැමිණෙන බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ.
[rns_reactions]