එජාපයේ වෙනස්කම් රැසක් – රගපෑ මරික්කාර්ගේ කොලොන්නාව හිරුණිකාට..

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් 86ක් පත් කිරීම මෙවර මැයි දිනයෙන් පසුව සිදු කෙරෙන් බව අපට වාර්තා වේ. මෙහි විශේෂත්වය වන්නේ කොලොන්නාව ආසනයේ මරික්කාර්ගෙන් එම ආසනය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හට ලබාදීමට යෝජනාවක් සම්මත වී තිබීමයි. දිගින් දිගටම අප්‍රසාදයට පත්ව සිටින මරික්කාර් නිසා කොලොන්නාව එජාපය පසුබෑමකට ලක්ව ඇති බව සමීක්ෂණ වාර්තා මගින් සොයාගෙන ඇත.

එම සමීක්ෂණ වාර්තා අනුව නිදහස් පක්ෂ සංවිධායක ප්‍රසන්න සෝලංග 54% ප්‍රතිශතයක් සමගින් ඉදිරියෙන් සිටින අතර මරික්කාර්ට හිමිව ඇත්තේ 32% පමණි. මෙම ප්‍රතිපලයත් සමගින් සිරිකොත කලබල වී ඇති අතර හැකි ඉක්මනින් මෙය යථාතත්වයට පත්කිරීමට ඔවුනට උපදෙස් ලැබී ඇත.

උතුරු, නැ‍ඟෙනහිර පළාත් ඇතුළුව දිවයිනේ සියලුම පළාත් ආවරණය වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් 116ක් තෝරා ගැනීම සම්පූර්ණයෙන් අවසන් කර තිබේ. තවත් ආසන සංවිධායකවරු 86ක් තෝරා ගැනීම අවසන් කර මැයි දිනයෙන් පසුව සියලු ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි භාරදීමට නියමිතය.

[rns_reactions]