එජාපයේ සියලු මන්ත්‍රීවරුන්‌ට වසරකට තුන්වතාවකට වඩා විදේශ ගමන් බෑ..

Spread the love

වසරකට තුන්වතාවකට වඩා විදේශගත නොවන ලෙස එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට සහ ඇමැතිවරුන්ට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම්දී ඇත.

එලෙස යම් මන්ත්‍රීවරයකු හෝ ඇමැතිවරයකු මින් ඉදිරියට විදේශගතවන්නේ නම් ඒ සඳහා තම ලිඛිත අවසරය ලබාගත යුතු බවද හෙතෙම දන්වා තිබේ.

පක්‍ෂයේ මහජන නියෝජිතයන් හැම විටම පක්‍ෂය ශක්‌තිමත් කරමින් පාක්‍ෂිකයන්ගේ හා මහජනතාවගේ අවශ්‍යතා ඉටුකරදීම වෙනුවෙන් කැපවී ක්‍රියාකළ යුතු බවද අගමැතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

කමිටුවලට පත්කර ඇති ක්‍රියාකාරීන් නිසිපරිදි එම කමිටු රැස්‌වීම්වලට සහභාගි වියයුතු බවත් විශේෂයෙන් කෘත්‍යාධිකාරී මණ්‌ඩලය නියෝජනය කරන සාමාජිකයන් හැකි උපරිම ලෙස එහි රැස්‌වීම්වලට සහභාගි වියයුතු අතර යම් සාමාජිකයකු නොකඩවා තුන්වතාවක්‌ කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීම්වලට සහභාගි නොවුවහොත් ඔහු හෝ ඇය එහි සාමාජිකත්වයෙන් ඉවත්කරන බවත් වැඩිදුරටත් දන්වා තිබේ.

[rns_reactions]