එජාපයේ සෙට් එකක් සජිත්ව ජනාධිපති කරන්න හීන දැක්කත්, සජිත් යන්නේ සිරිසේන සමඟ බවට සජිත්ම කියූ කථාව මෙන්න (වීඩියෝ)

එජාපයේ සෙට් එකක් සජිත්ව ජනාධිපති කරන්න හීන දැක්කත්, සජිත් යන්නේ සිරිසේන සමඟ බවට සජිත්ම කියූ කථාව මෙන්න (වීඩියෝ)
Spread the love

බන්ධනාගාර ගතව සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණයේ කිසිදු වරදක් නැති බව එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ දින කැස්බෑව කහපොල ප්‍රදේශයේ විහාරස්ථානයක දහම්පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජීවිත සහමුලින්ම වනසන මත් ජාවාරම්කරුවන් ගෙන් මෙරට ලක්ෂ හතළිස් හතරක් පමණ වන පාසැල් දරු පරපුර බේරා ගන්නේ කෙසේදැයි මරණ දඬුවමට විරුද්ධ පිරිසගෙන් තමන් ප්‍රශ්න කරන බව ද ඔහු පැවසීය.

කෙසේ වෙතත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළුව සමස්ත එක්සත් ජාතික පක්ෂයම පක්ෂයක් ලෙස විරුද්ධ බව ප්‍රසිද්ධියේ සඳහන් කර ඇත.

එවන් තත්ත්වයකදී එජාපයේ ජනාධිපති අපේක්ෂකයා යැයි තමන් විසින්ම පවසා ගන්නා නියෝජ්‍ය නායකවරයා මරණ දඬුවමට පක්‍ෂ වීමත් ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨ උපදේශීකාවක් වන හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ඇගේ දේශපාලන මෙහෙයුම් කරුවකු ලෙස කුප්‍රකට මංගල සමරවීරගේ සහය සජිත් ප්‍රේමදාසට ලැබීමද විශේෂත්වයකි.