ජනාධිපති අපේක්ෂකයා තේරීම මැතිවරණ කොමිසමේ නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමෙන් පසුව බව එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තේරීම සම්බන්ධයෙන් දැනට මතුව ඇති සාකච්ඡාව පිළිබඳව අදහස් දැක්වූ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය.
“එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව ජනාධිපති අපේක්ෂකයා තේරීම කළ හැක්කේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවීම පිළිබඳ නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව බවත්, ඉන් ප්‍රථම ඒ පිළිබඳව තීරණයක් ගැනීමට බලයක් නොමැති බවත්ය.
ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නාම යෝජනා කමිටුවක් පත් කරන අතර ජනාධිපති අපේක්ෂකයා තෝරා ගනු ලබන්නේ එම නාම යෝජනා මණ්ඩලය විසිනි.
එසේ නාම යෝජනා කමිටුව විසින් ජනාධිපති අපේක්ෂකයා තෝරාගත් පසුව, ඒ තැනැත්තාගේ නාමය එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කළ යුතුය.”