එජාප මඩකරි කල්ලියේ අපේක්ෂා බිඳ වැටේ – පුංචි ඡන්දට ජනපති මෛත්‍රී සමගින් මහින්ද එක්වෙයි

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග සන්ධානගත වීමට ඒකාබද්ද විපක්‍ෂයට යෝජනාවක් ඉදිරිපත් වුවහොත් තමන් කටයුතු කරන්නේ මධ්‍යස්ථව යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින ගාමිණි සෙරනත් මහතාගේ සුවදුක් බැලීම සදහා එහි ගොස් ආපසු එන ගමනේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය. එවන් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඒකාබද්ද විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට එම යොජනාව ඉදිරිපත් කරන බවත් ඔවුන් ගන්නා තීන්දුව අනුව ඉදිරි කටයුතු කරනා බවත් ඔහු සදහන් කලේය.

ලබන පළාත් පාලන මැතිවරණයට තමා හෝ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් නොවන නිසා අදාළ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට තමන් කැමැත්ත පරිදි තරග කිරීමට අවස්‌ථාව සැලසීම වැදගත් යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය දා ‘දිවයින’ පුවත්පතට පවසා තිබිණ.

මෙම මැතිවරණයට පංගු පේරු බැලීමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දුර්වල වීම බවද ඔහු එහිදී පෙන්වා දී තිබිණ.

[rns_reactions]