එල්ලුම් ගහ Test කරයි

එල්ලුම් ගහ Test කරයි
Spread the love

වැලිකඩ බන්ධනාගාර පරිශ‍්‍රයේ ස්ථාපිත කර ඇති එල්ලුම් ගහේ ක්‍රියාකාරීත්වය මේ දිනවල පරීක්ෂා කරමින් ඇතැයි බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.

වැඩුනු මිනිසෙකුගේ බර සහිත වැලි කොට්ටයක් එල්ලා මෙම පරීක්ෂාව සිදු කරන බවද ඔවුන් සඳහන් කරයි.

මේ වන විටත් එල්ලුම් ගහ ඉදි කර ඇති කොටසේ ඇති ලෑලි තට්ටුව අලුත්වැඩියා කර තිබෙන අතර එල්ලූම් ගහේ ලීවරය තෙල් ග‍්‍රීස් ආදිය තමා ක්‍රියාකාරී තත්වයට පත්කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ මේ වන විට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඕනෑම මොහොතක එල්ලුම්ගහ සූදානමින් තිබෙන බවයි.

වධකයන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ ඊයේ දිනයෙහි පැවැත්වුණු අතර අදද එම පරීක්‍ෂණ පැවැත්වෙයි.

එල්ලුම් ගස පිහිටා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ චැපල් ගොඩනැඟිල්ලේ සිර මැදිරියට වම්පස මැද කොටසේ ය.