ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස හාල්, එළවළු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර සහ භාණ්ඩ මිල අහස උසට නැඟ ඇති සමයක ජනතාවගේ මේ දිනවල මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව බවට පත්කර ඇත්තේ හිටපු සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න සෙවීමේ සහ අත් අඩංගුවට ගැනීම සඳහා වන නාටකයයි.
දින දෙකක් පුරා රාජිතව සෙවූ ආරක්ෂක අංශවලට ඊයේ (26) රාත්‍රියේ යාන්තම් කොළඹ අර්ධ රාජ්‍ය රෝහලකදී රාජිතව සොයා ගැනීමට හැකිව තිබේ.
පැවති රජය පසුගියද අප්‍රේල් 21වනදා සිදු වූ පාස්කු ප්‍රහාරය වළකා ගැනීමට අසමත් වුවත්, ප්‍රහාරය සිදුකළ කණ්ඩායම් පැය 12ක් යෑමටත් මත්තෙන් සොයා ගැනීමට සමත් වූහ.