කෝපයට පත්වීම තුලින් එහෙම නැත්තං තරහායාම තුලින් අපගේ IQ level එක පහල යන බව විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා..
IQ (intelligence quotient) කියන්නේ සම්මත ගැටළු ප්‍රමාණයක් සඳහා ලකුණු ලබාදීමක් තුලින් අපේ බුද්ධි මට්ටම මනින්න භාවිතාකරන ක්‍රමවේදයක්..
ලෝක ජනගහනයෙන් 70%ක්ම ඉන්නේ ඔය කියන IQ 85 – 115 අතර මට්ටමේ.. IQ 130ට වැඩිනම් එයා සුපිරි බුද්ධි මට්ටමක් තියෙන කෙනෙක්.. ඇල්බට් අයින්ස්ටයින් 160+ සහ අයිසැක් නිවුටන් 190+ වගේ IQ තත්ත්ව වල හිටියා කියනවා..
කොහොමහරි ඉතිං අධික තරහක්, කෝපයක් ඇතිවෙනකොට අපේ, බුද්ධිමත් තීරණය ගැනීමේ හැකියාව පහල යනවළු.. හදිසි කෝපය නිසා සමහරු මිනීමැරීමට පවා පෙළඹෙන්නේ අන්න එහෙමයි, සමහරු සියදිවි හානිකරගන්නවා.. හදිසි කෝපය නිසා මිනී මරන අය, කෝපය අඩු වුනාම මැරෙනකං පසුතැවෙනවා..
කියන්න තියෙන්නේ.. තරහෙන් ඉන්න වෙලාවට, කෝපයෙන් ඉන්න වෙලාවට තීරණ ගන්න එපා.. ඒ වගේ වෙලාවට ගන්න තීරණ කවදාවත් බුද්ධිමත් තීරණ වෙන්නේ නෑ…
කෙටියෙන් කිව්වොත්, තරහෙන් ඉන්න වෙලාවට අපි ගන්නේ මෝඩ තීරණ… එච්චරයි..
උපුටා ගැනීම – ප්‍රදීප් ප්‍රේමලාල් ෆේස්බුක් පිටුව ඇසුරෙන්
[rns_reactions]