ආසියාවේ කළු වෙළඹ ලෙස කිරුළු පලදමින් ශ්‍රී ලංකාවේ මළල ක්‍රීඩාව ජාත්‍යන්තරයට රැගෙන ගිය සුසන්තිකා ජයසිංහ අද වන විට සිය මව් රටට ගෞරවය ගෙනදුන් ඔලිම්පික් පදක්කම වෙන්දේසි කිරීමට සිදුවී තිබෙනවා. ඒ ඇයට තම දරුවන හා පවුලත් සමග ජීවත්වීමට තරම් ආර්ථික පසුබිමක් නොමැති හෙයින්..
මළල ක්‍රීඩාවෙන් ලෝකයක් දිනු ශ්‍රී ලාංකිකයන් ගණන අපට එකයි දෙකයි තුනයි කියා ගණන් කිරීමට වත් නොමැත. ලංකාවටම එකයි. ඒ සුසන්තිකාම පමණයි.. ඒ ජයග්‍රාහිකාවගේ ඉරණම මෙය නම් අන් මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන කුමන කතාද?
දයාසිරි ජයසේකර ඇමතිතුමා මුහුණේ කොනකින් කින්ඩි හිනාවක් දමමින් සඳහන් කලේ, සුසන්තිකා පත්වීමේ ලිපිය බාරගෙන පත්වීමේ රුපියල් 60000ක ගාන දැකලා මුණ ඇද කරන් එකත් අරන් යන්න ගියා යනුවෙනුයි.
ඔව් ඇමතිතුමෝ …. රුපියල් 60000 ක මුදල ප්‍රශ්නයක් තමයි. තමන්ගේ අධික කැපවීම හා උත්සාහය මත ලෝකයක් ජයගෙන ශ්‍රී ලංකාවට අපමණ ගෞරවයක් ගෙනදුන් ලෝකයම හදුනන මෙවන් පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් 60000ක සොච්චම් මුදලක් ප්‍රමාණවත් වන්නේ කෙසේදැයි අපි ඇමතිවරයාගෙන් අසා සිටින්නෙමු.
ක්‍රීඩා ඇමතිවරු වේදිකාව උඩ නැග වහසිබස් දොඩන්නේ මළල ක්‍රීඩාව ජාත්‍යන්තරයට ගෙනියන්න අරවා කරනවා මේවා කරනවා යනුවෙනි. නමුත් සුසන්තිකාට අත්වූ මෙම ඉරණම දෙස බලා දෙමාපියන් තම දරුවන් මළල ක්‍රීඩාව සඳහා යොමු කරයිද? දෙමාපියන් දරුවන් යම් ක්‍රීඩාවක් වෙනුවෙන් යොමු කරන්නේ ද අනාගත බලාපොරොතු රැසක් තබාගෙනයි. නමුත් තත්වය මෙසේ නම් මළල ක්‍රීඩාව වෙනුවෙන් පාසල් මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීම කොතරම් දුරටකට පවතීද?
රජයක් විසින් කල යුත්තේ ලෝකයක් දිනු මෙවැනි ක්‍රීඩකයන්ගේ අනාගත සුභ සිද්දිය වෙනුවෙන් අඩුම වශයෙන් සැලකිය යුතු වරදාන වරප්‍රසාද, සැලකිය යුතු වැටුපක් හා නිළ නිවාසයක් ලබා දීමයි.
ඔලිම්පික් පදක්කම වෙන්දේසි කර එයින් ලැබෙන මුදලින් ජීවත්වීමට තරම් තත්වයකට සුසන්තිකා පත්වීමට ඉඩහැරීම පිළිබඳව දයාසිරි ඇමතිවරයා වහසි බස් දෙඩීම නොව ලජ්ජාවට පත්විය යුතුය.
අපට නම් කියන්නට ඇත්තේ මෙයයි….”සුසන්තිකා තම උපරිම කැපකිරීමෙන් ඔලිම්පික් පදක්කම දිනුවා. එතැන් පසුව ඇතිවෙන්න වැඩ කලා. දැන් තව මොකටද වැඩ කරලා සල්ලි හොයන්නේ… ශ්‍රී ලංකා ආණ්ඩුව දැන ගන්න ඕනා මැරෙනකන් බලා ගන්න”
[rns_reactions]