තමන් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටින කාලයේ දී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියෙක් හා තවත් පුද්ගලයෙකු විසින් තමා එයට වගකිව යුතු බවත් එයට යම් මුදලක් ලබා දිය යුතු බව සඳහන් කරමින් සිවිල් නඩුවක් දමා ඇති බවත් අමෙරිකානු ජාතික ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ගෙදර සිට අවුරුදු සැමරීම සඳහා ලංකාවට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපලේදී පැවසීය.
අමෙරිකාවේ නීතිය අනුව පුද්ගලික ආයතනයක් මඟින් මේ සම්බන්ධයෙන් සිතාසි ලබා දිය යුතු වුවත් එවැනි ක්‍රියාවලියක් සිදු නොවු බව ද සඳහන් කළ ගෝඨාභය මහතා, මේ වන විට අමෙරිකාවේ සිටින සිය නීතිඥවරුන් මෙම නඩුව නිශ්ප්‍රභා කර ගැනීමට අදාළ කටයුතු කරමින් සිටින බව ද පැවසීය.
කෙසේ වෙතත් මෙම තත්ත්වය තුළ ලාංකීය හා අමෙරිකානු ජනතාවගෙන් තමාට ඉතා විශාල සහයෝගයක් ලැබුණු බවත්, එය හුදෙක් නඩුවක් නොව දේශපාලනමය ක්‍රියාවලියක් බව ද ගෝඨාභය මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා සම්බන්ධ කර ගනිමින් මෙය සිදු කර ඇති බවත්, මෙයට ජාත්‍යන්තරයේ ඇති එල්.ටී.ටී.ඊ හිතවාදී ඩයස්පෝරා සහ ලංකාවේ ඇතැම් පිරිස් සහය දක්වා ඇති බවත්, කැලිෆෝනියාවේ කොන්සල් ජනරාල් කාර්යාලය දක්වා මෙය ගෙන ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේය.