ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ ඉහළම පාරිසරික උෂ්ණත්වය වාර්තා වෙයි

ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ ඉහළම පාරිසරික උෂ්ණත්වය වාර්තා වෙයි
Spread the love

ඕස්ට්‍රේලියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 50.7ක්, එරට වෙරළබඩ නගරයකින් වාර්තා විය.

ජනවාරි 13 දා බටහිර ඕස්ට්‍රේලියාවේ ඔන්ස්ලෝ නගරයෙන් වාර්තා වූ මෙම උෂ්ණත්වය 1962 වසරේ දකුණුදිග ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වයට සමවෙයි.

ජනවාරි 14 වන සිකුරාදාවේ දී ඔන්ස්ලෝ සහ යාබද නගරවල උෂ්ණත්වය තවත් ඉහළ යනු ඇතැ යි කාලගුණ විද්‍යා අනාවැකි පළව ඇතිබැවින්, උෂ්ණත්වය පිළිබඳ වාර්තාව නැවතත් බිඳී යනු ඇති.

මෙසේ සිදුවූයේ පසුගිය මාසයේ දී බටහිර ඕස්ට්‍රේලියාවෙන් මහා ලැව්ගිනි ඇතිවීම් වාර්තාවීමත් සමග ය.

මාගරට් ගංගාව ආසන්නයේ හෙක්ටයාර 6000කට වැඩි බිම් කොටසක් දැවී හළුවී ගිය අතර, එම ප්‍රදේශයන්ගෙන් ජනයා ඉවත් කිරීමට ද සිදුවිය.

එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනවාරි 13 දා පැය 14:26ට (ප.ව. 02:26ට) මෙසේ ඉහළම උෂ්ණත්වය පිළිබඳ වාර්තාව සමවූබව තහවුරු කළේ ය.

එරට මාධ්‍ය පවසන පරිදි, වසරේ මෙම කාලයේ දී ඔන්ස්ලෝහි සාමාන්‍ය උෂ්ණත්වය විය යුත්තේ 36.5°Cකි.

මාර්ඩි සහ රෝබර්න් නම් නගර දෙකක් ද 13 වැනි දා 50°Cට ඉහළ උෂ්ණත්වයක් වාර්තා කළේ ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලූක් හන්ටින්ටන් ප්‍රකාශ කළේ, වර්ෂාපතනය අඩුවීම හේතුවෙන් මෙම ප්‍රදේශයේ උණුසුම් වාතය එකතුවී ඇතිබව යි.

ජනතාව “වායුසමීකරණ යන්ත්‍ර සහිතව නිවෙස් තුළටම වී සිටීමට ප්‍රවේසම් විය යුතුබවත්, එළිමහනේ රැඳෙන්නට සිදුවේ නම් සෙවණකට වී, ප්‍රමාණවත් පරිදි දියර වර්ග පානය කළ යුතුබවත්” ඔහු සඳහන් කරයි.

රෝබර්න්හි නිවැසියෙකු වන මාක් බැරට් ABC මාධ්‍ය ජාලය සමග ප්‍රකාශ කළේ, උෂ්ණත්වය කෙතරම් ඉහළගොස් ඇත් ද යත් සිය කාර්යයාලයේ වායුසමීකරණ යන්ත්‍රය ක්‍රියාවිරහිත වූ බවයි.

“හැමදේකටම මේ පීඩනය දැනෙන්න පටන් අරන්, ඒක සහතික යි,” ඔහු පැවසුවේ ය.

BBCහි කාලගුණ පුරෝකතක ක්‍රිස් ෆෝව්ක්ස් කියා සිටින්නේ 14 වැනිදා උෂ්ණත්වය මඳකින් ඉහළ යනු ඇති නමුත් එළැඹෙන දිනවල දී පහත වැටෙනු ඇතිබව යි.

මෙසේ වාර්තා බිඳදමන අන්දමේ උෂ්ණත්වයක් වාර්තාවන්නේ යුරෝපා සංගමයේ චන්ද්‍රිකා පද්ධතිය විසින් පසුගිය වසර හත මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර හතබවට තහවුරු කිරීමෙන් අනතුරුව යි.

bbc sandesaya