කට්ටිය සද්දෙට රඟන අස්සේ තිලංග සද්ද නැතිව වැඩකරන බුවෙක් වෙයි

කට්ටිය සද්දෙට රඟන අස්සේ තිලංග සද්ද නැතිව වැඩකරන බුවෙක් වෙයි
Spread the love

“වැඩ කරන රටක්” යන තේමාවෙන් යුතුව බලයට පැමිණි වත්මන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරුන්ගෙන් ඇත්තටම වැඩ කරන ඇමතිවරුන් කීයෙන් කීදෙනෙක් සිටිවාදැ’යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා .. එකට කඩා පැන සෙව්වාක් මෙන් සෙවිය යුතුයැ’යි අපි සිතමු. ජනාධිපතිවරයාට රට වෙනුවෙන් වැඩ කිරීමට අවශ්‍ය වුවද ඔහු පත් කළ, ඔහු අතින් පත්වීම පනස් ගානක ඇමති මණ්ඩලයෙන් කීයෙන් කීදෙනෙකුට එය අවශ්‍යදැ’යි ඔහුම සොයා බැලිය යුතු කාලය එළෙඹ ඇත. අගමැති මහින්ද සහ කැබිනට් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හැරුනුකොට අනෙක් කිසිඳු කැබිනට් අමාත්‍යවරයෙකු තමා යටතේ ඇති බලතල, වගකීම් සහ ආයතනවල නිසි පරිදි රාජ්‍ය අමාත්‍යවරුන්ට බෙදා දීඉ නොමැත.

එවැනි තත්වයක් තුළ රජයේම ඇමතිවරුන් කන්කෙදිරිගාමින් කල් මරද්දී, තාක්ෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පසුගිය සෙනසුරාදා තම ආයතන ප්‍රධානීන් සමඟ එක්ව සිය අමාත්‍යංශයේ වැඩ කටයුතු සිදුකළ ඇතිබවට තොරතුරු වාර්තාවේ.

ජනාධිපතිවරයා අනුව යමින් වත්මන් රජයේ ඇමතිවරුන්ගෙන් අතලොස්සක් මෙසේ වැඩ කරද්දී බහුතරයක් සිදුකරන්නේ වැඩ වෙනුවට මඩ ගැසීමට තම කාලය විඩඟු කිරීම බව රජයේ සහ රජයට අනුබද්ධ පෞද්ගලික මාධ්‍යවල ප්‍රවෘත්ති විකාශයන් බලද්දී පෙනීයයි.