කඩු හා පල්ලිය පෙන්වීම මගින් සිදුකරන්නේ වෙනම ගේමක් බවත්, මේ බලු වැඩේ කරන්න එපා යැයි තමා මාධ්‍ය වෙතින් ඉල්ලා සිටින බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
2010 සිට මේ දක්වා චීනයෙන් කඩු කන්ටේනර දහයක් ගෙන්වා ඇති බවද ඔහු සඳහන් කළේය.
උක් වගා කරන ගොවීන්ගෙන් මෙවන් කඩු බොහෝ සොයාගත හැකි බවද ලංකාවේම සියලු නිවාස පරික්ෂා කළහොත් තවත් බොහෝ කඩු හමු වනු ඇති බවද ඔහු පැවසීය.
මෙවන් කඩු තියාගැනීම ගැක නීතියක් ගෙන ආ යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේදීය.

