රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සිය අමාත්‍යාංශ පරිශ්‍රයේ කාර්යාල කාමරයක් වෙන් කිරීමේ ගැටලුවට විසඳුමක් නොදීම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන කැබිනට් ඇමැති කබීර් හෂීම් මහතා පෙරේදා (07) හදිසියේ විදේශ ගත වී ඇත.
මෙම තත්ත්වය මත රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයාට කැබිනට් ඇමැතිවරයා දිවයිනට පැමිණෙන තෙක් මාතරට වී බලා සිටීමට සිදු වී තිබේ. කාර්යාල කාමරය වෙන් කිරීමේ ගැටලුවට විසඳුමක් ලැබෙන තෙක් මාතරට වී සිටින බව ලක්ෂ්මන් යාපා මහතා විසින් පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
කැබින්ට් සංශෝධනයෙන් පසු ඒ ඒ අමාත්‍යාංශවලට අයත් විෂය පථයන් ගැසට් කිරීමට ද මෙතෙක් හැකි වී නැත.
[rns_reactions]