කමිඳු සුනිල් ගවස්කාර් පසුකර නව ලෝක වාර්තාවක් ලියයි

කමිඳු සුනිල් ගවස්කාර් පසුකර නව ලෝක වාර්තාවක් ලියයි
Spread the love

අද (18) ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනයේ දී ශ්‍රී ලංකාව ලකුණු 302-7 දක්වා ශක්තිමත් කිරීමට ලකුණු 114ක් ලබාගත් කමිඳු මෙන්ඩිස් සමත් වූවේය. ඒ සමග කමිඳු මෙන්ඩිස් වාර්තාගත අර්ධ ශතකයක් වාර්තා කරමින් සුනිල් ගවස්කාර් පසුකර ගියේය.

ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගයේදී කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු අර්ධයේදී ලකුණු 106-4ක් දක්වා පහත වැටුණ ද කමිඳුගේ සිවුවැනි ටෙස්ට් ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300 සීමාව පසු කිරීමට සමත් විය.

අද දින තරගය නතර කරන විට ප්‍රභාත් ජයසූරිය සමග රමේෂ් මෙන්ඩිස් ලකුණු 14ක් ලබාගෙන පන්දුවට පහර දෙමින් සිටියේය.

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක William O’Rourke ලකුණු 54කට කඩුළු තුනක් දවා ගනිමින් ශ්‍රී ලංකා පළමු පෙළ දැඩි ආක්‍රමණයකට ලක් කළේය.

දිමුත් කරුණාරත්න  William O’Rourke විසින් එල්ල කළ අතිරේක බවුන්ස් පහරකින් දැවී ගිය අතර පැතුම් නිශ්ශංක (27) යෝකර් පහරකට ගොදුරු විය.

ඇන්ජලෝ මැතිව්ස් (36) දිනේෂ් චන්දිමාල් (30) සමඟ එක්ව ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වා ගෙන ගිය නමුත් නමුත් William O’Rourkeගේ පන්දුවක් හමුවේ ඔහුගේ දකුණු මාපටැඟිල්ල තුවාල වීම නිසා පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

නවසීලන්ත නායක Tim Southee විසින් චන්දිමාල් ඉවත් කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 11කට දැවී ගියේය.

අජාස් පටෙල් කමිඳුගේ විශිෂ්ට පිතිහරඹය නිමා කළේ පන්දුව පා සලකුණු මත පතිත වී ඉහළට එසවීමත් සමඟය.

කමිඳු මෙන්ඩිස් වාර්තාගත අර්ධ ශතකයක් වාර්තා කරමින් සුනිල් ගවස්කාර් පසුකර ගියේය.

ශ්‍රී ලංකා පිතිකරු කමිඳු මෙන්ඩිස් අද ක්‍රිකට් වාර්තා පොතේ සිය නම සටහන් කළේය. ඔහු ටෙස්ට් තරගවලදී ඔහුගේ අටවැනි අර්ධ ශතකය ලබා ගත් අතර ඔහුගේ පළමු ටෙස්ට් තරග හතේදීම සවුද් ෂකීල් හැරුණු විට අර්ධ ශතකයක් රැස් කළ එකම පිතිකරුවා වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු සිය පළමු ටෙස්ට් තරග 6කදීම අර්ධ ශතකයක් රැස් කළ සුනිල් ගවස්කාර් පසුකර ගියෙය්.

ගාල්ලේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී කමිඳු පන්දු 73කදී සිය අර්ධ ශතකය ලබා ගත්තේය. අතට පහරක් වැදීමෙන් තුවාල ලබා විශ්‍රාම ගොස් ආපසු පැමිණි ඇන්ජලෝ මැතිව්ස් සමඟින් ඔහු ලකුණු 72ක්  විශිෂ්ඨ සම්බන්ධතාවක් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුවේය.

Post Comment