කරීනා කපූර්, මවු පදවිය ලැබීමත් සමඟම සිනමා ක්ෂේත්‍රයෙන් ටිකකාලයකට අෑත් වුණා. ඒ විදියට නිශ්ශබ්ද වෙලා හිටපු කරීනා නවතම චිත්‍රපටයක වැඩකටයුතු ආරම්භ කරන්න සූදානම් වෙන නිසා මේ දවස්වල ඇඟ හැඩ කරගන්න නිතර ජිම් යනවා බව තමයි ආරංචි වෙන්නේ.
Veerey Di Wedding චිත්‍රපටයේ හිමිවූ චරිතය වෙනුවෙන් කරීනා සිරුර හැඩ කරගන්න හැමදාම ව්‍යායාම කරමින් වෙහෙසෙනවා.
සෝනම් කපූර් හා ස්වරා බාස්කර් සමඟ තමයි ඇයට මේ චිත්‍රපටයේ රංගනයේ යෙදෙන්නට අවස්ථාව ලැබෙන්නේ.
මේ තරම් මහන්සි වුණත් ඇය වසරකට එක චිත්‍රපටයක පමණක් රංගනයේ යෙදෙන්නටත් තීරණය කරලා.
ආදරණීය මවක් විදියට පුංචි ටයිමුර් වෙනුවෙන් කාලය වෙන් කරලා ඔහු ළඟින්ම ඉන්න, ඇය මේ තීරණය ගන්නත් ඇති. ඒ කොහොම වුණත් කරීනාගේ රංගන හැකියාව නිසාම අමීර් ඛාන් වගේ අවුරුද්දකට එක නිර්මාණයක් විතරක් ඇය තෝරා ගත්තත් ඒ චිත්‍රපටය සාර්ථක වෙන බවට අධ්‍යක්ෂවරුන් මත පළ කරනවා.
ශාලිකා රංගනී සමරදිවාකර

