කවුරුත් පුදුමයට පත්කළ ජනපතිගේ අපුරු කථාව.(video)

Spread the love

අලුත් අවුරුදු දවසේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාර්‍යමණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂාවට සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් ජනාධිපතිවරයාගෙන් ආශිර්වාද ලබා ගැනීමට පැමිණී  අතර බුලත් අතක් දී වැඳ නමස්කාර කර ජනාධිපතිවරයාගෙන් ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී එහි සිටි නිල ඇඳුමින් සිටි විශේෂ කාර්‍ය බලකා සාමාජිකයින් මෙන්ම එහි සිටි අනෙකුත් සේවකයින්ද පුදුමයට පත් විය.

නැගිටින්න නැගිටින්න…යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා කොහේවත්..බුලත් අත දීලා යන්න” යනුවෙන් ඒ මොහොතේදී ජනාධිපතිවරයා එම විශේෂ කාර්‍ය බලකා සාමාජිකයින්ට පැවසීම නිසා තමා මෙලෙස පුදුමයට පත් වුණේ.

ජනාධිපතිවරයා කිසිම විටෙක නිල ඇදුමෙන් සැරසී සිටින කිසිදු නිලධාරියෙකුට තමන්ට වැද නමස්කාර කිරීමට ඉඩ නොදෙන අතර සිය සමවයස් කාර්‍ය මණ්ඩල සාමාජිකයිනට සහ දේශපාලන නියෝජිතයින්ට කිසි විටෙකත් ඒ සඳහා ඉඩ නොදෙන බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන බව මීට ප්‍රථමද වාර්තා වී තිබුණා.

එහි වීඩියෝව පහතින්

[rns_reactions]