ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරඟාවලිය අද සිට දින පහක් පුරා

Spread the love

91 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං ශූරතා තරගාවලිය අද (5දා) සිට 9 වැනිදා දක්වා රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 164 දෙනෙක් සහභාගි විමට නියමිතය.

කෙසේ වෙතත් පසුගිය වසරේදී ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය නොකඩවා 5 වැනි වරටත් ක්ලිෆර්ඩ් කුසලානය දිනාගෙන තිබූ අතර පසුගිය වසරේ පැවැති තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමිවන එච්. කේ. කරුණාරත්න අනුස්මරණ කුසලානය ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ඩී. සපරමාදු විසින් දිනාගෙන තිබිණි.

මේ අතර 2016 වසරේදී ලේතන් කුසලානය දිනාගත් කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් තරග වදින හෙළ බොක්සිං ක්‍රීඩා සමාජයේ තිවංක රණසිංහ, මේ වසරේ ලෝක ශූරතා බොක්සිං තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ කිලෝග්‍රෑම් 64 බර පන්තියෙන් තරග වදින ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ දිනිදු සපරමාදු හා යුනිචෙලා ක්‍රීඩා සමාජය නියෝජනය කරන අනූශා කොඩිතුවක්කු යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද මෙවර තරගාවලිය සඳහා ඉදිරිපත් වීම තුළින් මෙවර තරගාවලිය වඩාත් තියුණුු මුහුණුවරක් ගනු ඇතැයි පැවැසේ.