කාඩිනල් ඉදිරියේ වැඩි ලකුණු දා ගන්න ගිය සජිත් සියල්ලන් ඉදිරියේ කිච වෙයි (Video)

කාඩිනල් ඉදිරියේ වැඩි ලකුණු දා ගන්න ගිය සජිත් සියල්ලන් ඉදිරියේ කිච වෙයි (Video)
Spread the love

පාස්කු දින ප්‍රහාරයෙන් විනාශයට පත් කිතුණු දේවස්ථාන යළි ගොඩ නැඟීමේ කාර්ය සඳහා ජනාධිපතිවරයා විසින් යොදවා ඇති නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යංශයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදුන් අතර ඔහු එය තම ප්‍රතිරූපය පුම්බාගන්නා වැඩක් බවට පත්කරගෙන ඇත.

එය වඩාත් තහවුරු වූයේ අගරදගුරු අතිඋතුම් කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් පසුගියදා මාධ්‍ය හමුවකදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකිනි.

එහිදී අගරදගුරු හිමිපාණන් ප්‍රකාශ කළේ, දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුත්ත “ඩ්‍රාමා එකක්” කර ගැනීමට අවශ්‍ය නොවන බවයි. එම ප්‍රකාශයත් සමඟ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ මුහුණ අදුරු වැටී යනු පෙනින.