කාණ්ඩ 4ක් යටතේ රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා

Spread the love

2017 වර්ෂය සඳහා රාජ්‍ය හා රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලවලට ප්‍රසාද දීමනා ගෙවීම කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර ඇත.එසේ ගෙවනු ලබන්නේ කාණ්ඩ 4ක් යටතේ බව 2017/12/11 මහාණ්ඩාගාරයෙන් නිකුත් කල චක්‍රලේකයේ දැක්වේ.

එම කාණ්ඩ නම්,

කාණ්ඩ අංක 01 – පෙර වර්ෂයේ අලාභදායි තත්ත්වයන් වළක්වා මෙම වර්ෂය තුළ දී ලාභය උපයාගෙන ඇති දිරි දීමනා ගෙවනු නොලබන ආයතනවල සේවකයන්  –  රු. 15,000

කාණ්ඩ අංක 02 – පෙර වර්ෂයේ පැවැති අලාභදායි තත්ත්වය මෙම වර්ෂය තුළ දී ලාභදායී තත්ත්වයට පත් කරගෙන ඇති දිරි දීමනා ගෙවා ඇති ආයතනවල සේවකයන් – රු. 13,500

කාණ්ඩ අංක 03 – අදාළ වර්ෂය තුළ අලාභදායී තත්ත්වයක් වාර්තා කළ ද පෙර වර්ෂයට සාපේක්ෂව අලාභය අවම කරගෙන ඇති ආයතනවල සේවකයන් වෙත –   රු. 5, 000

කාණ්ඩ අංක 04 – අදාළ වර්ෂය තුළ අලාභදායී තත්ත්වයක් වාර්තා කර එම අලාභය පෙර වර්ෂයට වඩා අඩු කර ගැනීමට නොහැකි වූ ආයතනවල සේවකයන් – රු. 3, 000

සාමූහික ගිවිසුම් මගින් හෝ ඒ හා සමාන අවබෝධතා ගිවිසුම් මගින් හෝ වැටුප් හා දීමනා ක්‍රියාත්මක වන රාජ්‍ය සංස්ථා සහ සම්පූර්ණයෙන් ම රජය සතු සමාගම්වලට මෙම විධි විධාන අදාළ නොවේ. එවැනි ආයතනවල සේවය කරන කාර්ය මණ්ඩලවලට වර්තමානයේ මසක හෝ මාස දෙකක වැටුපට සමාන මුදලක් ප්‍රසාද දීමනා වශයෙන් ගෙවනු ලැබන අතර ගෙවීමට පෙරාතුව අදාළ රාජ්‍ය සංස්ථා සහ රජය සතු සමාගම්වලින් මේ සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතුය.

 

 

 144 total views, 24 views today