කාන්තාවන්ගේ යෝනියෙන් පිටවන ශ්‍රාවය පිළිබද මේ දේවල් ඔබ දැනගත යුතුමයි.

Spread the love

ගැබ්ගෙල ශ්ලේෂ්මල හෙවත් Cervical Mucus යනු කාන්තාවකගේ ප්‍රජනක පද්ධතියේ ගැබ් ගෙලෙන් නිකුත් කරන ශ්‍රාවයන් වේ.

මෙම ශ්‍රාවයන් පිටවනුයේ කාන්තාවක ගේ ආර්ථවයෙන් පසු ඩිම්බනීහරණයක් සිදුවීමට ආසන්නතම කාලයේදීය. මෙම ශ්‍රාවයන් දින 28ක සාමාන්‍ය ආර්ථව චක්‍රයක් හිමි කාන්තාවකගේ 08 වන දිනයේ සිට 18 වන දින දක්වා පමණ ශ්‍රාවය වේ. එසේම මෙම ශ්‍රාවයන්ගේ ගති ලක්ෂණ අනුව කාන්තාව සරු කාලයේ සිටියිද නැත්ද යන්නද නිරීක්ෂණයන් මගින් දැනගත හැක.

පළමුවෙන්ම අප සාකච්ඡා කළ යුත්තේ කාන්තාවක් උත්තේජනය වූ විට ඇයගේ යෝනි මාර්ගයෙන් නිකුත් කෙරෙන ලිහිසි කාරක සහ ගැබ්ගෙල ශ්ලේෂ්මල යන දෙකම එක සමාන නොවන බවයි. ලිහිසිකාරක නිකුත් කෙරෙනුයේ යෝනි මාර්ගයෙන් වන අතර ගැබ්ගෙල ශ්ලේෂ්මල නිකුත් කෙරෙනුයේ ගැබ්ගෙලෙනි.

කාන්තාවකගේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් පිටවීමට ආසන්න වත්ම , ඩිම්බ කෝෂයෙන් ඊස්ට්‍රජන් හෝර්මෝනය වැඩිවශයෙන් ශ්‍රාවය වීමට පටන් ගනියි. මෙවිට ගැබ් ගෙල විවරය සුමුදු වීමටත් , විවර වීමටත් සිරස්ව නැගී සිටීමටත් පටන් ගනියි.
ගැබ් ගෙල විවරය ඉහළට සිරස්ව විවෘතව එසැවී ඇත අයුරුද, පැහැදිළි ශ්ලේෂ්මලද දැකිය හැකිය.
ආරම්භයේදී මෙම ශ්ලේෂ්මල බොහෝ විට වියළි ස්වභාවයෙන් සහ උකු ගතියෙන් යුක්ත වුවද පසුව එය ක්‍රමයෙන් මදක් ඇලෙන සුළු , බිත්තර සුදු මදයෙහි ස්වභාවයට පැමිණේ. මෙම තත්ත්වය සලකනුයේ කාන්තාවකගේ උපරිම සරු කාලය ලෙසය. මක් නිසාද යත් මෙම ශ්ලේෂ්මලය මාධ්‍යයක් කොට ගනිමින් ශුක්‍රාණු වලට ගැබ් ගෙල හරහා ගැබට ඇතුළු වීමට පහසු නිසාත් , මෙම කාලයේදීම ඩිම්බයක් පැලෝපීය නාලයට නිකුත් කෙරෙන නිසාවෙනි. මෙම ශ්ලේෂ්මලය කෙතරම් ඇලෙනසුළුද යත් ඇඟිලි තුඩු දෙක අතරෙහි අඟල් දෙකක් පමණ වන තුරු එය අඛණ්ඩව ඇදෙනු ඇත.

[rns_reactions]