පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නව ක්‍රමය අනුව කිසියම් කොට්ඨාසයකට තරඟ කොට පරාජයට පත්වන අපේකෂකයකු වුවද ලැයිස්තුවෙන් සභිකයකු ලෙස පත්කළ හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
එවැනි සභිකයකු පත් කිරීම සඳහා නම් කිරීමේ බලය ඒ ඒ දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට පැවරෙන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මීට අමතරව ඒ ඒ පළාත් පාලන ආයතනවල සභිකධූර සඳහා පත්වීමට නම්කර ලැයිස්තුවේ සිටින (තරඟ නොකර) අපේකෂකයින් අතර කුමන අපේක්ෂකයින් පත්කරන්නේද යන්න තීන්දු කිරීමේ බලයද දේශපාලන පක්ෂ ලේකම් වරුන්ට ලැබෙන බවද මැතිවරණ කොමිසම කියයි.
කාන්තා නියෝජනය 25%ක් කිරීමට පළාත් පාලන මැතිවරණයේ පැරදුන අයටත් ලැයිස්තුවෙන් ඉඩ..
