කැබිනට් මණ්ඩල සංශෝධනය ස්ථිර වශයෙන්ම සිදු වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සති අන්ත ලංකාදීප පුවත්පතට සදහන් කර ඇත.
මේ සදහා අගමැතිවරයාද එකග වී ඇති බවත් මෙම සංශෝධනය සමග අමාත්‍යංශ ලේකම්වරුන්ගේද සංශෝධනයක් සිදු කරන බව ජනාධිපතිවරයා සදහන් කර තිබේ.
මෙම ඇමති මණ්ඩල සංශෝධනය කරන්නේ ආණ්ඩුවේ හා රටේ යහපත සදහා විවිධ පාර්ශවයන්ගේ ඉල්ලීම මත යයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
වෙසක් පෝය සදහා තවම බැස ගොස් නැතැයිද එය තවම හොදට පායා ඇතැයිද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
මෙම කැබිනට් සංශෝධනයේදී ප‍්‍රධාන පෙලේ ඇමති ධුරයක් වෙනස් වනු ඇතැයිද පුවත්පත වාර්තා කරයි.
[rns_reactions]

