කිසිම රෝගයක් නෑ – සේරම බොරු – දුමින්දයි වාසුයි බන්ධනාගාර රෝහලෙන් එලවයි..!

Spread the love

වැලිකඩ බන්ධනාගාරයේ රෝහලේ රඳවා සිටි මරණීය දණ්ඩනය නියම වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා දෙවන වතාවටත් ඊයේ (3) රෝහලෙන් පිටකර ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග අණවරණය කරයි.

රෝහලේ නව වැඩ බලන වෛද්‍ය නිළධාරි ජගත් මල්වත්ත මහතා විසින් වැඩ භාරගත් (28) දිනයේ සිට එහි අංක 3 වාට්ටුව දැඩි පරීක්ෂාවට ලක්කල අතර එහිදී කිසිදු රෝගී තත්වයක් නොමැතිව දිගු කලක් තිස්සේ රුඳීසිටි රැඳවියන් කිහිපදෙනෙකුම රෝහලෙන් පිටකර යවා ඇතැයිද පැවසේ.

ඒ අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පත් වාස් ගුණවර්ධන හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යන දෙදෙනාද බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇතැත් එම දෙදෙනොම හිසේ අමාරුවක් බව කියමින් බන්ධනාගාර නිළධාරීන්ගේ මාර්ගයෙන් නැවතත් රෝහල් ගත වී ඇතැයි කියති.

ඊයේ නැවත සිදුකළ පරීක්ෂාවකදී ඔවුනට කිසිදු රෝගී තත්වයක් නොමැති බවට නිර්දේශ කර ආපසු වැලිකඩ බන්ධනාගාරය වෙත යවා ඇතැයි දැනගන්නට ලැබේ.

වාස් ගුණවර්ධන රෝහලේ රැඳී සිට ඇති කාලය වාසර 3 හමාරකට ආසන්න බවද වාර්තා වෙයි.

[rns_reactions]