ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ එහි වෛද්‍ය අධ්‍යාපනය සඳහා වූ අවම ප්‍රමිති කමිටුව අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ.
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අවම ප්‍රමිතිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වෛද්‍ය සභාව වෙත ඉදිරිපත් කළ වාර්තාව මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිත බව එහි ලේඛකාධිකාරි වෛද්‍ය ටෙරන්ස් ගාමිණි ද සිල්වා මහතා සඳහන් කළේය.
ඉන් අනතුරුව එළඹෙන එකඟතා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැනුවත් කරන බව ඔහු සඳහන් කළේය.
අනතුරුව මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වූ අවම ප්‍රමිතිය ඇතුලත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනු ඇත
[rns_reactions]

