කුඩු කිලෝඑකක් සමඟ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

කුඩු කිලෝඑකක් සමඟ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
Spread the love

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ එකක ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටීමට සැකකරුවකුට ආධාර අනුබල දුන්නේයැයි සැකපිට මීගමුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට සම්බන්ධ පළමු සැකකරු පසුගිය 23 වනදා හෙරොයින් කිලෝ එකක් සමග අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමකින් සැකකාර මන්ත්‍රිවරයාද අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව මාදම්පේ ප්‍රදේශයේ සැඟවී සිටියදී ය.

මොවුන් දෙදෙනා අධිකරණවට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගෙන තව දුරටත් ප‍්‍රශ්න කිරීමට නියමිතය.