කුඩු ලංසත් ඒකාබද්ධ හොර කල්ලියට…

Spread the love

ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති නිමල් ලංසා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කර සිය ධුරයෙන් මීට ටික වේලාවකට පෙර ඉල්ලා අස්වී තිබේ.

ඔහු පසුගිය ආණ්ඩු සමයේ කුඩු ගෙන්වීම හා බෙදාහැරීම යටතේ  ඡෝදනා ලැබ තැබූ අතර එසමයේ ඔහුගේ නිවස මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයෙන් වැටලූ අවස්ථාවේදී එවකට හිටපු ජනපති මහින්ද ගොස් ඔහුව වැළද ගෙන විශාල මාධ්‍ය සංදර්ශනයක්ද දැම්මා මෙරට වැසියන්ට අමතක නැත.පසුගිය ආණ්ඩුව විසින් එසේ යටගැසූ එම ප්‍රශ්න වලට අදාල ෆයිල් බැසිල් රාජපක්ෂ විසින්   නැවත එළියට ගෙන ඒමට සැරසෙන බැවින් ඔහු මෙම තීරණය ගෙන ඇතැයි නෙළුම් මාවත පොහොට්ටු කාර්යාලයේ ආරංචි මාර්ග වල සඳහන් වේ….