කුණු ප්‍රශ්නයට බූරු කොලුවා විසදුම් දුන්නේ මෙහෙමයි….

Spread the love

ඔන්න එක ගෙදරක ටොයිලට් එකක් බ්ලොක් වුනාලු..,,,, කොමඩ් එක පිරිලා බහින්නේ නැහැල්ලු… සිංහල අවුරුදු කාලේ නිසා ප්ලම්බර් කෙනෙක් බේතකට හොයන්න නැහැලු… (ස්වාභාවික විපතක් වෙලා සීයක් විතර හිරවෙලා ඉඳිද්දී උන් මැරෙද්දි අපි හෙට එන්නම් කිව්ව රටේනේ…) කෝල් කළත් එකෙක් එන්නේ නැහැල්ලු…

දැන් ඔය ගෙදර වත්තෙ පරණ වල වැසිකිලියකුත් තියේලු…. එතකොට ඇනෙක්ස් එකේ [දැනට පාවිච්චි නොකරන] තව එකකුත් තියේලු… ටොයිලට් එක බ්ලොක් නිසා ගෙදර මිනිස්සු එව්වට යන්න හදද්දී… ඒ ගෙදර ඉන්න බූරු කොලුවා (ඔව් අර රතු ඇදං පාරවල් වහන මී හරකා තමයි..) එව්වා ලොක් කරල ලු… දොරේ සටහනක් දාල තියේලු…

” ප්‍රධාන වැසිකිලියට වෙච්ච් දේ දැක්කද…?? ඔබේ මේ වැසිකිලියටත් එසේ වෙන්න දෙන්න එපා… බොග දමන්නන්ට එරෙහිව උද්ඝෝෂනය කරන්න..” කියල

දැන් මොකක් වුනා කියලද හිතන්නේ ?

සාලේ කාමරවල වත්තෙ තැන තැන තියෙනවලු කේක් ප්‍රදර්ශනේ වගේ ගොඩ ගහල…

ඔන්න ඔහොමයි බූරු කොලුවා ප්‍රශ්න විසඳුවේ…

2020 ට ජයවේවා එහෙනං…

 

පසු සටහන :
කොළඹ කුණු එකතුකිරීම නවතී.. නගරයම කුණු ගදින් පිරේ.. ගෙවල්වලත් මහ පාරේත් කුණු කදු ගොඩගැසේ..

[rns_reactions]