කෙන්යාවේ ප්‍රාථමික නේවාසික පාසලක ගින්නකින් සිසුන් 17 දෙනෙකු ජීවිතක්ෂයට

කෙන්යාවේ ප්‍රාථමික නේවාසික පාසලක ගින්නකින් සිසුන් 17 දෙනෙකු ජීවිතක්ෂයට
Spread the love

මධ්‍යම කෙන්යාවේ ප්‍රාථමික පාසලක ශිෂ්‍ය නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් සිසුන් 17 දෙනෙකු මිය ගිය බව කෙන්යානු ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති විලියම් රූටෝ පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ෂණයක් සිදුකරන ලෙස බලධාරීන්ට නියෝග කළ බවයි.

“ගිනිගැනීමේ සිද්ධියෙන් අපට සිසුන් 17 දෙනෙකු අහිමි වී ඇති අතර 14 දෙනෙකු තුවාල ලබා ඇත …,” Onyango දුරකථනයෙන් රොයිටර් වෙත පැවසීය.

ගින්නෙන් සිසුන් හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී ඇති බව කෙන්යානු රූපවාහිනිය  ප්‍රකාශ කළේය.

“මෙම බිහිසුණු සිදුවීම හොඳින් විමර්ශනය කරන ලෙස මම අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. වගකිවයුත්තන්ට එරෙහිව දැඩිව පියවර ගන්නවා” කෙන්යානු ජනපතිවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් පැවසීය.

මෑත වසරවල දී කෙන්යාවේ පාසල් ගිනිගැනීම් මාලාවක් ඇති වූ අතර ඒවායින් බොහොමයක් ගිනි තැබීම් බව හෙළිවිය. 2017 සැප්තැම්බර් මාසයේදී නයිරෝබි අගනුවර පාසලක ඇති වූ ගින්නකින් සිසුන් 9 දෙනෙකු මිය ගියේය.

2001 දී නයිරෝබි නගරයෙන් පිටත කියන්ගුලි ද්විතීයික පාසලේ නේවාසිකාගාරයේ ඇති වූ ගින්නකින් පාසල් සිසුන් 58 දෙනෙකු මිය ගියහ. 2012 වසරේ බටහිර කෙන්යාවේ හෝමා බේ ප්‍රාන්තයේ පාසලක ඇති වූ ගින්නකින් සිසුන් අට දෙනෙකු ඝාතනය විය.

මූලාශ්‍රය – රොයිටර්

Post Comment