රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත ප්‍රතිපාදන භාවිත කරමින් කිලිනොච්චිය – කනකපුරම් ප්‍රදේශයේ විනාශ වී ගිය එල්.ටී.ටී.ඊ. සොහොන් බිමක් පිලිබඳ වාර්තා වී ඇත.කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන වය ශීර්ෂය යටතේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇති බවටද තොරතුරු ලැබී ඇත.අදාළ වර්තාවල සඳහන් වන්නේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් විමධ්‍යගත අරමුදලින් රුපියල් ලක්ෂ 40 ක මුදලක් මේ සඳහා වෙන්කර ගෙන ඇති බවයි.කිලිනොච්චිය – කනකපුරම් ප්‍රදේශයේ මෙම සුසාන භූමිය ඉදිකිරීම සඳහා කරච්චි ප්‍රාදේශීය සභාව සහ කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද අවසර ලබාගෙන ඇති බව සඳහන්.
රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසන්නේ පුවත්පත් විසින් වාර්තා කර තිබූ මෙම කරුණ පිළිබඳව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද දැනුවත් කල අතර එතුමාගේ උපදෙස් පරිදි මෙහිදී විමධ්‍යගත අරමුදල් අවභාවිතාවක් සිදුවීදැයි සොයා බලන ලෙස අදාළ අංශ දැනුවත් කල බවයි.සාමාන්‍යයෙන් විමධ්‍යගත අරමුදල් භාවිත කිරීමේදී ඒ සඳහා නිශ්චිත රාමුවක් පවතින අතර, එය ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිර්ණායකයන්ට යටත් විය යුතුයි.විමධ්‍යගත අරමුදල් භාවිත කරමින් සිදුකිරීමට යෝජිත ඉහත ව්‍යාපෘතිය පිළිබඳව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති අතර, එතෙක් යම් ඉදිකිරීමක් සිදු කෙරෙන්නේ නම් එය තාවකාලිකව නතර කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික සංහිදියාවට බාධාවන කටයුත්තක් සඳහා විමධ්‍යගත අරමුදල් භාවිතා කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.පසුගියදා යාපනයේ පැවති උත්සවයකදී උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය පී සර්වේශ්වරන් ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් ද වාර්තා වුණා.සංහිඳියාව වෙනුවෙන් රජය දැඩි කැපවීමකින් කටයුතු කරන අවස්ථාවක මෙම දේශපාලනඥයන් සිදු කරන්නේ සංහිඳියාවේ සළුවෙන් හෙළුව වසා ගැනීමක් බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා වැඩි දුරටත් අවධාරණය කළේය.
මාධ්‍ය ඒකකය
ජාතික ප්‍රතිත්තති හා ආර්ථිකක කටයුතු අමාත්‍යංශය