කොණ්‌ඩය කපන්න ගියටිකට කාර් එකේ දොර කඩා බැංකුවෙන් ගත් ලක්‍ෂ 10ය උස්සලා!

කොණ්‌ඩය කපන්න ගියටිකට කාර් එකේ දොර කඩා බැංකුවෙන් ගත් ලක්‍ෂ 10ය උස්සලා!
Spread the love

ගම්පොළ පැරණි පාලම මත නවතා තිබූ මෝටර් රථයක දොර කඩා එහි තිබූ රුපියල් ලක්‍ෂ 10ක මුදලක් පැහැරගෙන ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.

 මෙම මෝටර් රථයේ පැමිණි අය වාහන ධාවනය නොකරන පැරණි පාලම මත සිය මෝටර් රථය නවතා කොණ්ඩය කැපීමට ගොස් සිටියදී මෙම මුදල් සොරා ගෙන ගොස් තිබේ.

 ගම්පොළ නගරයේ ඉල්ලවතුර මාර්ගයේ වාහන අලෙවිසැලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු වන මෙම මෝටර් රථයේ හිමිකරු බැංකුවකින් ගත් මෙම මුදල රැගෙන පෙරේදා (08) සවස නිවස පිහිටි පුපුරැුස්ස ප‍්‍රදේශයට යමින් සිටියදි පැරණි පාලම මත මෙසේ මෝටර් රථය නවතා කොණ්ඩය කැපීමට ගොස් ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

 මොහු අලෙවි කළ වාහනයක් සඳහා මෙම මුදල බැංකුව වෙත ලැබී ඇති අතර එය තවත් අයකුට දීම සඳහා මෙසේ රැගෙන ගොස් ඇති බවද හෙළි වී ඇත.

 සිද්ධිය සැලවීමත් සමග ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතාගේ උපදෙස් මත පොලිස් අධිකාරි ෂ සී. ඩබ්ලිව්. රාජපක්‍ෂ ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. ආර්. ජයන්ත යන මහත්වරු මෙම ස්ථානයට පැමිණ පරීක්‍ෂණ ආරම්භ කිරීමට පියවර ගත් අතර ඇඟිලි සලකුණු අංශය ගෙන්වීමට පියවර ගනු ලැබීය.

-දිවයින-