කොළඹ නගර සීමාව තුළ එකතු වී තිබෙන කසළ දින දෙකකින් පමණ ඉවත් කිරීමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා ඊයේ (11දා) පැවසීය.
වර්තමානයේ ඇතිවී තිබෙන වර්ෂා තත්ත්වයත් සමග කසළ මෙටි්රක් ටොන් 10 ක් අරුවක්කාලූව වෙත රැගෙන යාමට නගර සභාවට රුපියල් ලක්ෂයක පමණ වියදමක් දැරීමට සිදුවන බව ද ඒ මහතා කීය.
මේ වන විට නගර සීමාව තුළ කසළ මෙටි්රක් ටොන් 1800ක් පමණ එකරැස් වී තිබෙන බවත් පසුගිය සිකුරාදා (09දා) අභියාචනාධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව කසළ අරුවක්කාලූ කසළ අංගනයට අඛණ්ඩව රැගෙන යන බවත් නානායක්කාර මහතා කීය.
කොළඹ නගර සීමාව තුළට රැකියාවන් සඳහා පිට පළාත්වලින් පැමිණෙන විශාල පිරිසක්ද රැගෙන එන කසළ සමග දෛනිකව කසළ මෙටි්රක් ටොන් 400 ක් 500ක් එකතු වන බව ද ඒ මහතා කීය.
මේ වන විට නගර සභාව විසින් එකතු කරන කසළ කෙරවලපිටිය කසළ අංගනයට රැගෙන යාමෙන් පසු පෞද්ගලික සමාගමක් විසින් එම කසළ අරුවක්කාලූ කසළ අංගනයට රැගෙන යන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
කොළඹ කුණු දින දෙකකින් ඉවත් කරනවා – නා.කො
