ගංගාරාම වෙසක් කලාපය මෝදි අතින් විවෘත කෙරේ.

Spread the love

ගංගාරාම වෙසක් කලාපය අද (11) පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී  නරේන්ද්‍ර මෝදි මැතිතුමා අතින් විවෘත කෙරිණි.

වෙසක් කලාපය වෙත පැමිණි ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා, විහාරාධිපති  පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නාහිමිපාණන් සහ  ගංගාරාම දායක සභාවේ සභාපති රංජිත් විජේවර්ධන මහතා විසින් හරසරින් යුතුව පිළිගනු ලැබිණි.

ගංගාරාම සීමා මාලකයේදී විදුලි පහන් ආලෝකය දල්වා වෙසක් කලාපය විවෘත කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එය නැරඹිමට ද එක් විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙම වෙසත් සැමරුමට සහභාගීවිය.

[rns_reactions]