ඉන්දියාවේ සහ චීනයේ ගංවතුරෙන් හා සුළි කුණාටුවලින් විශාල පිරිසක් මියගොස් තිබේ.
දකුණු හා බටහිර ඉන්දියාවට බලපා ඇති ගංවතුරෙන් මේ වනවිට 140 දෙනකු මියගොස් තිබේ. මෙයින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ කේරළයේය. ජල ගැලීම්වලින් තවත් ලක්ෂ ගණනක පිරිසක් අවතැන්ව සිටිති.
මේ අතර චීනයට බලපා ඇති ලෙකීමා සුළි කුණාටුව හා ගංවතුර හේතුවෙන් තිස් දෙදෙනකු මියගොස් තවත් දහසය දෙනකු අතුරුදන්ව සිටිති.
චීනයේ ෂෙජියාං පළාතේ ලක්ෂ දහයක ජනතාවක් අවතැන්ව සිටිති. නිවාස තිස් හතර දහසක් විනාශ වී ඇති අතර යුආන් බිලියන පහළොවක පමණ අලාභයක් සිදුව තිබේ.
ගංවතුර – සුළිකුණාටු ආසියාව වනසයි
