ගම්මන්පිලට තියෙන්නේ මොලේ අමාරුවක්… නෙලුම් කුළුණ ගැන ව්‍යාපෘති නිලධාරියා ඇත්ත කියයි..

Spread the love

ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේම උසම කුලුණේ පෙතිවල වර්ණය පිළිබඳව මේ වන විට සමාජය තුල විශාල කතාබහකට ලක්ව තිබෙනවා. මෙලස නෙළුම් මෙලෙහි පෙතිවල වර්ණය දිවා කාලයේදී රතු පැහැයෙන් දිස්වන අතර රාත්‍රී කාලයේ දී නෙළුම් කුලුනෙහි පෙතිවල වර්ණය කොළ පාටෙන් ආලෝකවත් වන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මුද්‍රත මාධ්‍යට ප්‍රකාශ කර තිබුනා.

එසේම කොළ පාටින් ආලෝකවත් කර තිබෙන ලෝකයේ එකම නෙළුම් මල මෙය බවත්,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ලකුණ පොහොට්ටුව වීම නිසා නෙළුම් කුලුනෙහි මල් පොහොට්ටුව කොළ පාටින් අලෝකවත් කර එමඟින් දේශපාලන වාසියක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය බොළඳ උත්සාහයක නිරත වන බවත්  ඔහු  වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනා.

මේ පිළිබඳව සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ මෙය  බොහෝ දෙනා මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව විමසා බලන්නට වුනා. 

පසුව එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ ශාන්ත ගුණනන්දන මහතා අප වෙත ප්‍රකාශ කලේ එහි සත්‍යතාවයක් නොමැති බවයි. නෙලුම් කුලුනේ පෙති වලට යොදා ඇති විදුලි බුබුළු රතු,නිල්,කොළ වැනි වර්ණ රැසකින් යොදා ඇති අතර ප්‍රථමයෙන්ම රතු පැහැති විදුලි බුබුළුවල පරීක්ෂණ කටයුතු කිරීමෙන් අනතුරුව පසුගිය දින කිහිපය තුල කොළ පැහැති විදුලි බල්බ පරීක්ෂා කර තිබුනා. එසේම ඉදිරියේදී අනෙකුත් වර්ණයන්ද පරීක්ෂා කිරීමට නියමිතව තිබෙනවා.

එසේම අද (18) දින  පරීක්ෂණ කටයුුතු සඳහා  රතු පැහැති විදුලි බල්බ නැවත දල්වන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලා.

[rns_reactions]