ශ්‍රී ලාංකිකයෙකු මෙන්ම අමෙරිකානු ජාතිකයෙකුද වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නව වසර උදාවීමට ප්‍රථම තම ජීවිතයේ වැඩි කලක් පදිංචි සිට දිවි ගෙවාදැමූ සිය රට වන අමෙරිකාවේ ගම් බිම් බලා ගිය අවස්ථාවේදී නොසිතූ අකරතැබ්බයකට මුහුණ පා ඇත. ලංකාවේ මීලඟ ජනාධිපති වීමේ අරමුණින් තරඟ වැදීම සඳහා තම අමෙරිකානු ජාතික පුරවැසිභාවය ඉවත්කර ගැනීම සඳහා ඔහු උත්සහ දරද්දී වසර කිහිපයකට පෙර ඔහු මෙරට ආරක්ෂක ලේකම්ධුරය දරමින් මිග්යානා වංචාවට චෝදනා ලැබ සිටියදී මෙරටදී ඔහු විසින් තම පියා ඝාතනයට ලක්කළ බවට මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ දියණිය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණයක නඩුවක් ගොනුකර ඇති බවට වාර්තා වෙයි.

එසේම අමෙරිකානු ජාතික ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ආරක්ෂක ලේකම්වරයාව සිටියදී කැනේඩියානු ජාතික දෙමළ පුද්ගලයෙකුට ත්‍රස්ත විමර්ශන ඒකකය හරහා කෲර වදහිංසා පමුණුවන ලද බවටද තවත් පුද්ගලයෙකු නඩු ගොනු කොට ඇත. මෙම නඩු වලට අදාළ සිතාසි අමෙරිකානු ෆෙඩරල් රජයේ නීති අංශ මගින් ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙන ජායාරූප එරට මාධ්‍ය ආයතනයක් විසින් අන්තර්ජාලයට නිකුත් කොට තිබුණි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය සහ ප්‍රචාරණ කටයුතු භාරව වැඩකරන දෙරණ මාධ්‍ය ආයතනයේ සභාපති දිලිත් ජයවීර මහතාද මේ දිනවල ඔහු සමඟ ඇමරිකාවේ සිටින අතර “සත්‍යය ප්‍රථමයෙන්” යැයි කියමින් වාර්තාකරන ඔහුගේ දෙරණ මාධ්‍ය ආයතනය මඟින් මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් නිකුත් කරමින් පවසා ඇත්තේ “ගෝඨාභයට සිතාසි දෙන එම ජායාරූපය බොරුවක් බවයි”

මේ වන විට ගෝඨාභය වෙනුවෙන් රෙදි නැතිව කඩේ යන දෙරණේ එම ප්‍රවෘත්තියට උපහාසාත්මක පිළිතුරු දෙමින් සමාජජාල වල පලවන්නේ “ඔව් දෙරණ, පහුගිය දවස් ටිකේ ගෙදර හිටියේ නැති නිසා රෙජිස්ටර් පෝස්ට් ඇවිත් එකතු වෙච්ච ලියුම් ටික අල්ලපු ගෙදර ඇන්ට් ඇවිත් භාරදෙන සරල සිදුවීමක ඡායාරූපයක්..” ලෙසටය.
