ගවමස් කෑ අම්පාරේ පල්ලි සාදයේ හතරක් මරුට – 600ක් රෝහලට..

Spread the love

අම්පාර දමන දහය කොළණිය වනේගමුව පල්ලියේ පැවති උත්සවයක දී ආහාර විෂ වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

එම පිරිසට කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළත්. ආහාර විෂවීම හේතුවෙන් එරගම රෝහලට ඇතුළත් කළ දෙසිය තුන් දෙනෙකුගෙන් එකසිය විසි දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. 

එම රෝහලේ ප්‍රතිකාර ලබන පිරිසට කාන්තාවන් 18 දෙනෙකු ඇතුළත්.

අක්කරේපත්තුව මූලික රෝහලේ කාන්තාවන් අට දෙනෙකු හා ළමුන් 17ක් ඇතුළුව විසිනව දෙනෙකු ප්‍රතිකාර ලබනවා. 
අක්කරේපත්තුව අම්පාර පාර රෝහලේ කාන්තාවන් 12 දෙනෙකු හා ළමුන් තිදෙනෙකු ද ඇතුළුව දහඅට දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ. 

ඔලූවිල් රෝහලේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 14ක්. ඒ අතරට කාන්තාවන් නව දෙනෙකු සහ එක් ළමයෙකු ද අයත්. 

වාලච්චේන රෝහලේ කාන්තාවන් තිදෙනෙකු හා ළමුන් හතර දෙනෙකුද ඇතුළුව අට දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි අප වෙත වාර්තා වන්නේ. 

ඉකුත් පස්වනදා රාත්‍රී 12 සිට ආහාර විෂ වී රෝගී වූ පිරිස් මේ දක්වා වරින් වර රෝහල්ගත වී තිබෙනවා. 

ඒ අතරට ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගිය පිරිස් ද ඇතුළත්. ඉකුත්දා ඇති වූ සිද්ධියෙන් පසුව හයසියයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ. 

මෙම පල්ලියේ පැවති උත්සවයේ දී පන්දහසකට පමණ ආහාර ලබාදී තිබෙනවා. 

එහිදී ඔවුන්ට ආහාර ලබාදීම සඳහා සහල් කිලෝ දහසක් සහ ගවයින් හත් දෙනෙකුගේ මස් යොදාගෙන තිබූ බවද සදහන්.

නේපාලයේ පැවති ආගමික උත්සවයක දී ගවයින් පන්දහසක් ඇතුළු සතුන් ලක්ෂ 03කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කිරීමේ සිද්ධිය පසුගිය සමයේ ලොව පුරා දැඩි ආන්දෝලනයක් ඇති කළා. 

මෙම සිද්ධියෙන් පසුව එරට ඇතිවූ භූ කම්පනයකින් පුද්ගලයින් දහස් ගණනකට ජීවිත අහිමි වීම ද බොහෝ දෙනාගේ කතා බහට ලක් වූ කරුණක් වුණා. 

[rns_reactions]