පසුගිය රජයයන් හි අමාත්‍යධුර දරන ලද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටම මෙවර කිසිදු අමාත්‍යධුරයක් නොලැබුණි.
ඒ අතර, පසුගිය කාලයේදී කැබිනට් මෙන්ම රාජ්‍ය අමාත්‍යධුර වරින් වර දැරූ විජයදාය රාජපක්ෂ, එස්.බී. දිසානායක, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන්ට මෙවර රාජ්‍ය හෝ කැබිනට් අමාත්‍යධුර හිමි නොවීය.
තවද ආණ්ඩු කිහිපයකම විවිධ අමාත්‍යධුර දැරූ අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්, ඩිලාන් පෙරේරා යන අයටත් මෙවර කිසිඳු අමාත්‍යධුරයක් හිමි නොවීය. එසේම ඔවුන්ට දිස්ත්‍රික් සංවර්ධන සභාපති තනතුරක් හෝ හිමි නොවීය.
විවිධ රජයන්හි ඇමතිධුර දැරූ ජෝන් සෙනෙවිරත්න, රංජිත් සියඹලාපිටිය, මහින්ද සමරසිංහ හා මහින්ද යාපා අබේගුණවර්ධන යන අයටත් මෙවර ඇමතිධුර හෝ රාජ්‍ය අමාත්‍යධුර හිමි නොවීය.
එසේම ඔවුන්ට දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති තනතුරුද හිමි නොවුන අතර එස්. බී දිසානායක මහතාට රාජ්‍ය හෝ කැබිනට් අමාත්‍යධුරයක් හිමි නොවුන අතර නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති තනතුරක් පමණක් හිමිවිය.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධායේ ප්‍රධානම හවුල්කාර පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙවර අමාත්‍යධුරයක් හිමි නොවීම විශේෂත්වයකි.

