ගීතාට නොදෙවෙනි බන්දුල කී අපුරු කථාව (video)

Spread the love

බන්දුල ගුණවර්ධන තමන්ගේ බුද්ධිය මනාව  පෙන්නුම් කල තවත් අපුරු අවස්ථාවක් පහුගිය දවසක මාධ්‍ය හමුවක අපට දැකගත හැකිවිය. 

කිසිදු ලැජ්ජාවකින් තොරව හැරෙන හැරෙන පැත්තට බොරු ගෙතීමට සහ බොරු කීමට බන්දුල අති දක්ෂයෙකි. වරෙක බැදුම්කර කොමිසම වෙත කැඳවූ ඔහුට ජනතාව මුලාවන ආකාරයේ බොරු නොකියන ලෙසට අවවාද පවා කර ඇත.

මේවර මැයි රැලිය සඳහා ලක්ෂ 20ක් ගේනවා කියා බන්දුල අමු බේගලයක් කිසිදු හිරිකිතයකින් තොරව  කියා පායි. එම ගණන   2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණු ඡන්ද ගණන  මෙන් 1\3  ආසන්න ප්‍රමාණයකි. එසේනම් රාජපක්ෂ මහතාට  2015 ඡන්දය ලබා  ඇත්තේ ගෝල්ෆේස් පිටිය පුරවන්න පැමිණි මිනිසුන් ගණන  වගේ තුන් ගුණයක්ද?  බන්දුල මෙවැනි කතා කිරීමට තරම් මෝඩයෙකු සහ විහිලු කාරයෙකු  වුයේ කෙසේදැයි, කාහටත් සිතාගත නොහැකි පෙහෙලිකාවකි. 

බන්දුලගෙන් අකුරු උගෙනගත් ලක්ෂ ගණන් සිසුන් ඇත. තම ගුරා මෙවැනි මෝඩ විහිලු සැපයීම ඔවුන්ට කෙසේ බලපානවා ඇතිද?

මේ අකාරයටම ගීතා කුමාරසිංහ වරෙක පවසා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ රැලියකට  කෝටි දෙකක ජනතාවක් පැමිණි බවයි.

මවැනි සට කපට බොරු කාරයන් පාර්ලිමේන්තු යවා යහපත් රටක්, යහපත් සමාජයක් ඔබ අපට බලාපොරොත්තු විය හැකිද?
[rns_reactions]