ගෙදර ඉන්න හිතුවට ජනතාව ඡන්දෙ දුන් නිසා අමාරුවෙන් හරි ඇමතිකම කරනවා..

ගෙදර ඉන්න හිතුවට ජනතාව ඡන්දෙ දුන් නිසා අමාරුවෙන් හරි ඇමතිකම කරනවා..
Spread the love

වගකීමෙන් ඉන් නිදහස් වී නිදහසේ විවේකීව සැඳෑ සමය ගත කරන්න තමන් කල්පනා කර සිටියද ජනතාව ඊට ඉඩ නොදුන් බව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

බදුල්ලේ ජනතාව තමන්ට දැක් වූ ආදරය සෙනෙහස දෙස බැලූ විට දාලා යන්න පුළුවන් කමක් නැති බවත් අමාරුවෙන් හෝ තවත් වසර කිහිපයක් සේවය කරන්නට සූදානම් බවත් ඔහු පැවසීය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රාදේශීය සභාවේ දී පැවති පිළිගැනීමේ උත්සවයක් අමතමිනි.

ආර්ථික අසීරුතාවයකට රට පත්ව ඇතත් සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන බවත් සෑම කරුණක දී ම තමන්ට දුන් සහ තම පක්ෂය වෙනුවෙන් කැපවුනු යට ප්‍රමුඛතාවය ලබා දෙන බවද ඔහු සඳහන් කළේය.