ගෙවල් 300 ක්‌ කැඩූ 'කබරයා' අල්ලයි

Spread the love

නිවාස තුන්සියයකට අධික ප්‍රමාණයක්‌ කඩා කිහිප විටක්‌ම විදුලි වැට කඩා දමමින් ගම්මාන රැසක ජනතාව භීතියට පත්කළ බකිනිගස්‌දෝවේ ‘කන් කබරයා’ දින පහක මෙහෙයුමකින් පසු වනජීවී ග්‍රහනයට ගැනීමෙන් පසු පෙරේදා (27 දා) සවස අනුරාධපුර හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්‌ථානයට පිටත් කළ බව මාදුරුඔය වනෝද්‍යාන භාරකාර ඩී. එස්‌. ජයසෝම රත්නායක මහතා පැවසීය.

බකිනිගස්‌දෝව, වීරාණගම, පදවල, මඩුපොත, විලතලාව, ළිඳගල, ගල්ඕඩේ, නාවින්න ආදී ගම්මාන රැසකට කඩාවැද නිවාස, වගාබිම් රැසක්‌ වැනසූ මෙම අලියා කිහිප විටක්‌ම විදුලි වැටටද හානිකර ඇත. අවසාන වශයෙන් පසුගිය 26 වැනිදා මෙම අලියා නිර්වින්දනය කළ අවස්‌ථාවේද අලි වැට කඩාදමමින් වනෝද්‍යානයට පැනගොස්‌ තිබේ.

නැගෙනහිර පළාත් භාර පශු වෛද්‍ය නිලධාරි ඩී. බී. එන්. පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පශු වෛද්‍ය කණ්‌ඩායමක්‌ මෙම මෙහෙයුමට එක්‌ව සිටියහ.

හොරොව්පොතානට රැගෙන යැමට අලියා වාහනයට පැටවීමට පැය තුනකට අධික දැඩි වෙහෙසකර උත්සාහයක්‌ දැරීමට වනජීවී නිලධාරීන්ට සිදුවිණි.

[rns_reactions]