ගේම් එක ප්ලේ කරන්නට යුරේනිට ලැබුන හොදම ඉත්තා කවුද?

Spread the love

කරට කර තරගයක් දීලා හිරු මෙගා ස්ටාර් ජයග්‍රහණය හිමි කර ගත්තා නේද?

අම්මේ ඔව්. අති විශාල තියුණු තරගයක් ඒක. අපි දිනුවා.

තරගාවලිය ආරම්භයේදී හිතුවද මෙහෙම ජයග්‍රහණයක් ලැබෙයි කියලා?

ටීම් එක මට ලැබෙද්දී මට ලොකු විශ්වාසයක් තිබුණා. රංගනය, ගායනය මේ හැම දේකින්ම දක්ෂයන් පිරිසක් මට ලැබුණා. අපිට වෘත්තීය මට්ටමින් නර්තනයේ යෙදුණු අයෙක්ගෙන් විතරයි පොඩි අඩුවක් තිබුණේ. ඒත් තරුණ ජවයකින් පිරුණු ඊඥචථ එකක් නිසා අපිට දිනන්න පුළුවන් වෙයි කියලා හිතුණා.

යුරේනි නායිකාවක්. ඉතින් ලොකු වගකීමක් ඔබෙන් ඉටුවුණා කියලා හිතනවාද?

අනිවාර්යයෙන්ම. මං හිතනවා නායිකාව විදියට මඟපෙන්වීම, වගකීම හරියට මම ඉටු කළා කියලා. ඒත් මං කියන්නම ඕන, මං ඒ අයට ශක්තියක් වුණාට වඩා ඒ අයයි මට ශක්තියක් වුණේ. මුල ඉඳලම අපි හත් දෙනාම මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කළා. මං හිතන්නේ අපි හැමෝගෙම කණ්ඩායම් හැඟීම, මහන්සිය තමයි මේ ජයග්‍රහණයට විශේෂයෙන් හේතු වුණේ.

සූර්යන්ස්ලාගේ හොඳම ඉත්තා උමාරියා නේද?

ඇත්තටම ඔව්. ඇය තමයි අපේ තුරුම්පුව. ඇගේ හ¾ඩින් තමයි අපිව ඉදිරියට අරන් ගියේ. උමාරියා අපිට ලොකු ශක්තියක් වුණා. මං ඇයට ස්තූතිවන්ත වෙනවා. ශාක්‍යන්ස්ලාගෙන් අකලංක වගේ අය නර්තනයෙන් අපිට අභියෝග කරද්දී අපිට නැඟිටින්න ශක්තියක් ගෙනාවේ උමාරියා. අවසන් තරගයේදී විතරක් නෙවෙයි මුල ඉඳලම උමාරියා එයාගේ උපරිම දක්ෂතාව පෙන්නුවා.

ගේම් එක ප්ලේ කරන්න හොඳ ඉත්තෝ ටිකක් හම්බ වුණා කියලද හිතන්නේ?

එහෙම නම් කියන්න දන්නේ නෑ. අපේ ටීම් එකට වගේම අනික් ටීම්වලත් හැම පැත්තකින්ම දක්ෂ අය හිටියා. අපේ ටීම් එකේ අකිල මල්ලිව ච්චදජඥප කෙනෙක් විදියට මං හඳුනාගෙන හිටියේ නෑ. ඒත් අකිල මල්ලි හොඳ ච්චදජඥප කෙනෙක්. පැතුම් රුක්ෂාන්වත් මං අඳුනාගන්නේ මේ තරගයෙන්. නර්තන ඉදිරිපත් කිරීම් කරන්න මේ දෙන්නම ගොඩක් කැපවීමෙන් පුරුදු වුණා. මට ගොඩක්ම අද වෙන කොට සතුටුයි. මොකද අකිලයි, පැතුමුයි අද හොඳ තැනකට නර්තනයෙන් ඇවිත් ඉන්න නිසා. මං ඒ අයට මගේ හදවතින්ම සුබ පතනවා.

තරගයේදී ශාක්‍යන්ස්ලා අභියෝගයක් වුණාද?

ශාක්‍යන්ස්ලාට ප්‍රබලම ප්‍රබල පිරිසක් හිටියේ. ඉතින් ශාක්‍යන්ස්ලා ඉන්න හැම වටයක්ම අපිට සෑහෙන්න තරගයක් වුණා. නර්තනයේදී අති දක්ෂයන් හිටියේ ඔවුන් ළඟ. ඒක අපිට ලොකු අභියෝගයක් වුණා කීවොත් මං හරි.

කණ්ඩායමක් විදියට වැඩ කරද්දී මත ගැටුම් ඇතිවීම සාමාන්‍යයයි. ඉතින් එහෙම හැලහැප්පීම් සූර්යන්ස් කණ්ඩායමෙත් තිබුණද?

අනේ ඔව්. අපි සෑහෙන්න බැන ගත්තා. සමහර වෙලාවට කතා නොකරත් හිටියා. නමුත් අපි දන්නවා ඒ හැමදේම අපි කළේ අපේ අන්තිම ජයග්‍රහණය වෙනුවෙන් කියලා. අපි හැමෝටම ඕන වුණේ දිනන්න. ඒ රණ්ඩු සරුවල්වල ප්‍රතිඵලේ තමයි මේ දිනුම. මුල ඉඳලම අපි හරිම සුන්දර අත්දැකීමක් ලැබුවා.

යුරේනිගේ නායකත්වයට අභියෝගයක් ගෙනාපු නායකයා කවුද?

අනිත් කණ්ඩායම් හතරේම අය මට ලොකු අභියෝගයක් ගෙනාවා. සුරාජ්, ධනංජය, නිල්මිනී මේ හැමෝම මට විශාල අභියෝගයක් එල්ල කළා. මං ගොඩක් වාසනාවන්ත වුණා. මොකද තරුණ ජවය පිරුණු කණ්ඩායමක් මට හිටියා. අපේ අයගේ හිත් හොඳයි. මනුෂ්‍යත්වය කියන දේ උපරිමයෙන් පිරිච්ච පිරිසක් මට හිටියේ. සූර්යන්ස් දිනුවා නම් ඒකේ ස්තූතිය ලැබෙන්න ඕන අනිත් ඊඥචථ හතරටමයි.

සූර්යන්ස්ලා එකතු වුණේ තරගෙට විතරද? ඔය බැඳීම ඉදිරියටත් තියෙයිද?

අපිට අලුත් පවුලක් ලැබුණා. කාර්යබහුලත්වයත් අස්සේ මේ බැඳීම අපි හැමදාම තියාගන්න බලාපොරොත්තු වෙනවා.

යුරේනිගේ රංගනය දකින්න ලැබෙන්නේ අඩුවෙන්. ඒ ඇයි?

මං රඟපාන්නේ නැත්තේ නෑ. රඟපානවා. මට හිතට වදින පිටපතක් නම් විතරයි මං ඒක භාරගන්නේ. වෙනස් විදියකට රඟපාන්න පුළුවන් චරිත මට ලැබෙන්නේ අඩුවෙන්. මං දායක වුණු චිත්‍රපටයක් ළඟදීම එනවා. මං හිතනවා මගේ වෙනස් රංගනයක් රසිකයන්ට දකින්න ලැබෙයි කියලා.

නලිනිකා ලක්ෂාණි

[rns_reactions]