හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘එලිය’ නැමති වැඩසටහනේ ප්‍රධාන මෙහෙයුම් කටයුතුවලට සහභාගි වන හිමි නමක් වන පැපිලියාන සුනේත්‍රාදෙවි පිරිවෙන විහාරවාසී ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පසුගිය සතියේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුණගැසී පැයකට වැඩි කාලයක් තිස්සේ යෝජිත ව්‍යවස්ථා කමිටු වාර්තාව සම්බන්ධව සාකච්ඡා කිරීමෙන් පසු ජනාධිපතිවරයාට විශ්වාසය පලකර ඇතිබව වාර්තාවේ.
රටට නිදහස ලැබුණු දා සිටම සුළු ජනවර්ග හා මහ ජනවර්ග අතර ගැටුම් අවුලවනුයේ අවස්ථාවාදී දේශපාලනඥයින් බවත්, එසේ ඇවිලවිය හැකි යම් මූල බීජයක් පවතින්නේ නම් එය ඉවත් කොට සියලූ ජාතීන්ට සමගියෙන් ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම තම ඒකායන අරමුණ බවත් ජනාධිපතිතුමා තමා සහ පිරිසට සඳහන් කළ බව ද අභයතිස්ස හිමියෝ සිහිපත් කළහ.
මෑතකදී ජනාධිපතිතුමා මුණගැසී දීර්ඝ වේලාවක් තමන්ගේ අදහස් පළකළ බව සිහිපත් කළ අභයතිස්ස හිමියෝ, ඒ සා දීර්ඝ වේලාවක් ඉතා සන්සුන්ව තමාට සහ තම පිරිසට ඇහුම්කන් දුන් ජනාධිපතිතුමා අවසානයේ ස්ථිරසාර ලෙස සිදුකළ ප්‍රකාශයෙන්, එතුමාට මේ රටත් මහජනතාව සම්භන්ධයෙනුත් ඇති හැඟීම ඉතා ගැඹුරින් තමන් වහන්සේට අවබෝධ කළ බව ද සඳහන් කළේය.
මෙහි තවත් පියවරක් ලෙස උන්වහන්සේ වැඩඩිටින පැපිලියාන සුනේත්‍රාදෙවි විහාරයේ කඨින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස (29) පෙරවරුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහභාගි වී ඇති අතර මෙම තත්වය දේශපාලන කේෂ්ත්‍රයේ දැඩි කතා බහට ලක්වි ඇත.

