ගෝඨා ජනපති අපේක්ෂකත්වය ගන්න මොහොතකට කලින් ගෝඨාගේ මැර සහචරයෝ වැඩ පෙන්වයි; කුප්‍රකට මන්ත්‍රීවරයෙකුත් ඒ අතර (වීඩියෝ)

ගෝඨා ජනපති අපේක්ෂකත්වය ගන්න මොහොතකට කලින් ගෝඨාගේ මැර සහචරයෝ වැඩ පෙන්වයි; කුප්‍රකට මන්ත්‍රීවරයෙකුත් ඒ අතර (වීඩියෝ)
Spread the love

රාජපක්ෂවරුන්ගේ පවුලේ පක්ෂය නොහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය භාරගැනීමටත් පෙර ගෝඨාගේ සහචරයෙකු වූ කෝට්ටේ නාගරික මන්ත්‍රී විරාජ් වික්‍රමනායක ඇතුළු ඔහුගේ සහචර මැරයින් විසින් ඉතා සාමකාමීව සංවිධානය කොට තිබූ උද්ඝෝෂණයකට පහර දී එය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ටත් තඟ දමා ඇතැයි වාර්තාවේ.

පසුගියදා නුගේගොඩදි අගනගරයේ කුණුකසල සහ අපද්‍රව්‍ය පවිත්‍ර නොකිරීමට එරෙහිව කෝට්ටේ ශ්‍රී පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රී විරාජ් වික්‍රමනායකට එරෙහිව සාමකාමී විරෝධතාවයක් පැවැති අතර එම ස්ථානයට කඩා වැදුණු ගෝඨාභයගේ සමීප මැරයෙකු වූ මන්ත්‍රී විරාජ් වික්‍රමනායක විරෝධතාකරුවන්ට බැන වදිමින් කැමොර දෙමින් පහර දීමට උත්සහ කළේය.

තවමත් නගරසභා වල බලය ඇත්තේ පොහොට්ටුවට හෙයින් ඔවුන් මෙයට වගකිවයුතු බව පැහැදිලි කලද එය මගහැරී මන්ත්‍රීවරයා දිගින් දිගටම තඟ දමමින් උද්ඝෝෂකයින්ට පහර දීමට උත්සහ . තමාගේ නායකයා බලයට පත්වීමටත් ප්‍රථම මෙවැනි හැසිරීම් වලින් පැහැදිලි වන්නේ බලයට පත්වීමෙන් පසු තමාගේ අවසරයකින් තොරව නුගේගොඩ මන්සන්ධියට හෝ පැමිනීම මහජනතාවට තහනම් වන බව නොවේද ? මොවුන් මේ අධම, මජර,වගකීම් විරහිත ගෝඨාභය රාජපක්ෂගේ මැර දේශපාලක හෙන්චයියන් කෙදිනක හෝ පාර්ලිමේන්තුවට පැමිනියහොත් එයට වගකිවයුතු වන්නේ මේ රටේ සිවිල් ජනතාව නොවේද ? මොහු දේශපාලනයට සුදුසුද? ඒ සදහා ඇති එකම සුදුසුකම රාජපක්ෂලාගේ පක්ෂයේ වහල් මැරයෙක් වීමද..? සිතන්න තවත් වරක් සුදු වෑන්,මැර සහ කුඩු සංස්කෘතියකට රට ගෙන යනවාද..? නැතිනම් දිනු ජනතා නිදහස ඉදිරියට ගෙනයනවාද..? තීරණය ඔබ සතුයි.