සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලු දෙනා දැවි ලකුණු 419ක් ලබා ගැනීමට සමත් වුනා. මෙහිදි ලකුණු 68කට කඩුලු තුනක් බිද වැටි සිටියදී පිටියට පැමිණි දිනේෂ් චන්දිමාල් නොදැවි ලකුණු 155ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළා. තරගයේ පළමු දිනයේ පළමු තරග වාරයේදීම පිටියට පැමිණි චන්දිමාල් , දෙවන දිනයේ අවසන් තරග වාරය දක්වාම නොදැවි පන්දුවට පහර දීම විශේෂයි.
දිනේෂ් චන්දිමාල්ගේ මෙම ඉනිමට සමාජජාලා මාධ්‍ය වල ක්‍රිකට් රසිකයන්ගෙන් දැඩි ප්‍රශංසා ලැබි තිබුනු අතර එලෙස පලවූ ඡායාරූප කිහිපයක් පහතින් .!








