චිචියා වගේ බොරු පඩ ෂෝ නැතිව.. ඇත්තටම අපේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි අභ්‍යවකාශයට රාවණා-1 ඇරපු හැටි (වීඩියෝ)

චිචියා වගේ බොරු පඩ ෂෝ නැතිව.. ඇත්තටම අපේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි අභ්‍යවකාශයට රාවණා-1 ඇරපු හැටි (වීඩියෝ)
Spread the love

අපේ රටේ ජනතාව ගොනාට අන්දවමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙගා සිනමා ජවනිකාවක් රඟදක්වමින් 2012 දී රටේ මුදල් කෝටි ප්‍රකෝටි ගණනක් කාබාසිනියා කර ඔහුගේ මද්දුම පුත්‍රරත්තය වූ රෝහිත නොහොත් චිචී ලවා චීනයේ රොකට්ටුවක ලංකාවේ මොකක්දෝ එකක් කියා එකක් යවන බවට පෙන්වීය. මොඩලින් ඩයල් එකක් වී පොඩි පොඩි කෙල්ලන් සමඟ ආතල් ගනිමින් සිටි චිචීයා එකවරව ගඟනගාමියෙක් වී ලයිට් එළියයි, තරු එළියයි වෙන්කර අපට කියාදීමට සිටි රටේ මීඩියාවලට එකම විද්‍යාඥයා වූ ආචාර්ය චන්දන ජයරත්නවත් මඤ්ඤං කළේය.

ඇත්තටම චීචියා වෙනත් ග්‍රහලෝකයයින් ගගනගාමී පොරක් වී මාස කිහිපයකට ෆුල් සීරියස් ආතල් එකක් දුන්නේය. එදා “ටෝක් විත් චතුර” නොතිබූ නිසා චතුර අයියාට චීචීව ඉන්ටවීව් කරන්න රජ මැදුරටම වෝක් කරන්න විය. චතුර අයියා හිටන් අහපු ප්‍රශ්නවලට චිචියා දුන් හුටන් පිළිතුරුවලට පොර වෙන්න හරස් ප්‍රශ්න නොහා ගෙදර එන්න පරිස්සම් වුණේ, එහෙම නැත්තම් අපිට චතුර අයියාගේ මළ ගෙදර යන්න වෙන නිසා වන්නට පුළුවනි.

මහින්ද මාමායි, ශිරන්ති නැන්දයි, බාප්පලා, මාමාලා රොත්තයි එදා අපිව අපේ සල්ලි වලින් ගොනාට ඇන්දුවේ එසේය. ඒත් අද එහෙම නැත.

අපේම කොල්ලෙකුයි, කෙල්ලෙකුයි අද ඇත්තටම චන්ද්‍රිකාවක් හදා අභ්‍යවකාශයට යවා අවසන්ය. මේ අපේ කොල්ලන්ගේ අපේම කතාවය.

ශ්‍රී ලංකාව අභ්‍යාවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයට පිවිසීම සනිටුහන් කරමින් රාවණ- 01 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (17) පස්වරු 3.45ට සාර්ථකව සිදු කෙරිණි.

රාවණා- 01 චන්ද්‍රිකාව නේපාලය සහ ජපානය යන රටවලින්ද නිර්මාණය කෙරුණු චන්ද්‍රිකා 02 ක් සමඟ කක්ෂ ගත කිරීම එම මොහොතේදී සිදු විණි. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු ජපානයේ ද සහයෝගය මත ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ දී නිර්මාණය කර පසුගිය අප්‍රේල් 19 වන දින ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත මුදා හැරීම සිදු කෙරුණු අතර, එහි සිට මෙම රාවණ -1 නැනෝ චන්ද්‍රිකාව ඊයේ (17) පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහැරීම සිදු විණි.

ඒ අනුව නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී.ක්ලාක් ආයතනය ජපානයේ කියුෂු (Kyushu) තාක්ෂණ ආයතනයේ සහයෝගීතාව යටතේ ශ්‍රී ලංකා ධජය රැගත් රාවණ -1 නමින් කුඩා ප්‍රමාණයේ ඝනක චන්ද්‍රිකාව පසුගිය අප්‍රේල් 19 වන දින අලුයම 2.16ට අමෙරිකාවේ නාසා ආයතනයට අයත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත වූ අතර එය පසුදා (20) දින සවස 6.30ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව ළඟාවිණි. අභ්‍යාවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයෙන් අප රට ළඟාකරගත් සුවිශේෂී ජයග්‍රහණය වන මෙරට ප්‍රථම චන්ද්‍රිකාව නිර්මාණය වන්නේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය 2014 වර්ෂයේ දී ආරම්භ කළ දිගුකාලීන අභ්‍යාවකාශ තාක්ෂණ සංවර්ධන වැඩසටහනේ එක් පියවරක් ලෙසිනි.

මෙම චන්ද්‍රිකාවේ නිර්මාණ කටයුතු ලාංකීක ඉංජිනේරු ශිෂ්‍යයන් වන දුලානි චාමිකා සහ තරිදු දයාරත්න යන අය සිදු කළහ.

මෙම නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 21.5 ක් ශ්‍රී ලංකා රජය පිරිණමා ඇත.