චිත්‍රපට බලද්දී ඔබත් අඬල තියෙනව ද? රසිකයන් අඬවන චිත්‍රපට කීපයක්

චිත්‍රපට බලද්දී ඔබත් අඬල තියෙනව ද? රසිකයන් අඬවන චිත්‍රපට කීපයක්
Spread the love

ඔබ සිනමා ලෝලියකු නම්, බොහෝ චිත්‍රපට නරඹා ඇත්නම්, ඇතැම්විට කඳුළින් යුතුව නරඹන ලද සිනමා හෝ ටෙලි නිර්මාණ ගැන මතකයේ රැඳී තිබීමට ඉඩ ඇත.

නරඹනු ලැබීමෙන් පසු ‘ඔබ වැඩියෙන් ම දුකට පත් සිනමා නිර්මාණය කුමක්දැයි’ කෙනෙකු ප්‍රශ්නයක් ඇසූ විට, යම්කිසි සිනමා නිර්මාණයක් ඔබගේ මතකයට ඒමට ද ඉඩකඩ පවතී.

සිනමා ශාලාවන් තුළ චිත්‍රපට නරඹන අතරතුරදීම ඇතැම් සිනමා ලෝලීන් සෙමෙන් ඉකිබිඳිමින් හඬනු සෙසු ප්‍රේක්ෂකයන්ට ඇසෙන අවස්ථා ඇත.

දැන් අප යොමුවන්නේ සිනමා සහෘද හදවත් ප්‍රකම්පනය කොට ඔවුන් වැඩියෙන් ම ‘හැඬවූ’ ජාත්‍යන්තර චිත්‍රපට මොනවා ද? යන්න පිළිබඳව විමසා බැලීමේ උත්සාහයකදී ලද අලුත් ම තොරතුරු ඉදිරිපත් කිරීමටය.

මෙම විපරම් කිරීම වාර්තා කරන BBC මාධ්‍යවේදී ඉයන් යංග්ස් (Ian Youngs) සිය ලිපිය ආරම්භ කරන්නේ මෙවැනි උපදේශයක් ද සහිතවය.

“ඔබ සංවේදී සිනමා වෘත්තාන්තයක් නරඹද්දී, නිහඬවම හෝ උස් හඬින් ඉකිබිඳ හඬන කෙනෙකු නම්, මෙම ලිපියෙහි දැක්වෙන චිත්‍රපට නැරඹීමට යනවිට කඳුළු පිසදැමීම සඳහා අමතර කඩදාසි ලේන්සු පෙට්ටියකුත් අරගෙන යන්න.”

කෙවින්ගේ ඉල්ලීම

ඇමෙරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට විචාරකයකු වන කෙවින් ලී (Kevin Lee) සිනමා ලෝලීන්ගෙන් මෙවැනි ඉල්ලීමක් කළේය.

“ඔබේ ජීවිත කාලය තුළ ඔබ බෙහෙවින් ම සසල කළ සිනමා වෘත්තාන්තය හෝ ටෙලි නිර්මාණය කුමක් දැයි මට කියන්න.”

කෙවින් පසුගිය සතියේ ‘ට්විටර්’ ජාලයේ පළකළ එම දැන්වීම සම්බන්ධයෙන් ලද දැවැන්ත ප්‍රතිචාරය ඔහුට සිතාගත නොහැකි තරම් විශාල මට්ටමක විය.

“දැන්වීම පළකරනු ලැබීමෙන් පළමු පැය හයක කාලය ඇතුළත ලද ප්‍රතිචාරය මින්පෙර මා කිසිදාක නොලද මට්ටමේ එකක්,” කෙවින් පවසයි.

“ඒ ගැන ඇත්ත තත්වය ඔබට ප්‍රකාශ කිරීමත් තරමක් බියක් ඇතිකරනසුලුයි.”

සිනමා රසිකයන් කෙවින්ට දහස් ගණනින් පිළිතුරු යොමුකර තිබුනේ ‘ඔවුන් “කඳුළු සාගරයක” ගිල්වන ලද සිනමාපටවල නම්ගම් සිරස්තල සහිතවය.

කෙවින් වඩාත් විශ්මයට පත් වුනේ, ඇතැම් රසිකයන් සමහර චිත්‍රපට ඔවුන්ට වඩාත් සංවේදී වූයේ කුමක් නිසාද? යන්න පැහැදිලි කිරීම සඳහා ස්වීය පෞද්ගලික ජීවිතයේ කතන්දර ද ඔවුන්ගේ පිළිතුරට එක්කොට යොමුකර තිබෙනු දැකීමෙනි.

“ලැබුන ප්‍රතිචාරය හරිම සතුටුදායකයි.ඒවා එකින් එකට බොහෝ වෙනස් අදහස්,” කෙවින් පැවසීය.

Owen Wilson and Jennifer Aniston in Marley and Me
Marley and Me චිත්‍රපටය

කෙවින් ලද පිළිතුරු අතරින් 35,000ක් BBCය විසින් විශ්ලේෂණය කරනු ලැබුණි. ඒ අනුව ‘වැඩියෙන්ම කඳුළු කඩා වැටීමට’ හේතු වූ චිත්‍රපට අතරින් පළමු නිර්මාණ දෙකම දීර්ඝ වෘත්තාන්ත හෝ ගැඹුරු දෘශ්‍යමය නිර්මාණ නොවුනි. ඒවා අයත් වන්නේ සිතෙහි මත්වෙන මහත් ආදරය කුළුගන්වන සුළු, එම ගුණය නිසාම පවුලේ ආකර්ෂණය ලබන නිර්මාණ ගණයටය.

සිනමාලෝලීන්ගේ ප්‍රතිචාරය අනුව ඉහළම ස්ථානය ලැබ සිටින්නේ 2017 වසරේ ඔස්කාර් සම්මානලාභී ‘කෝකෝ’ (Coco) චිත්‍රපටයයි. එය ඩිස්නි/ පික්සාර් (Disney/Pixar) නිර්මාණයකි. ‘animation’ තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද ප්‍රබල වෘත්තාන්තයක් පසුබිම් කරගත් ‘කොකෝ’ චිත්‍රපටය මගින් නිරූපණය කෙරෙන්නේ මෙක්සිකෝ දරුවකුගේ ජීවිත අන්දරයකි. මළවුන්ගේ දේශය (Land of the Dead) තරණය කරන පිරිමි ළමයා, සංගීතඥයකු වීමේ සිය සිහිනය සැබෑ කර ගැනීමේ ප්‍රයත්නය ලුහු බඳින අතරවාරයේ තම පව්ලේ රහස් ද අනාවරණය කර ගැනීමට සමත් වෙයි.

Coco චිත්‍රපටය
,Coco චිත්‍රපටය

කෝකෝ (Coco) ළඟට ඇති ඊළඟ සිනමා නිර්මාණය 2008 වසරේ තිරයට ආ ‘Marley and Me’ චිත්‍රපටයයි.ඔවින් විල්සන්(Owen Wilson) සහ ජෙනිෆර් ඇනිස්ටන් (Jennifer Aniston) අඹු සැමියන් ලෙස රංගන එම වෘත්තාන්තයට ඔවුන්ගේ පවුල් ජීවිතය පුරා එකට සිටින නොහික්මුණ ‘ලබ්‍රඩෝ'(Labrador) සුනඛයකුත් එක්වෙයි. ඇමෙරිකානු ප්‍රහසනයක් වන ‘Marley and Me’ ඩේවිඩ් ෆ්රැන් කෙල්ගේ අධ්‍යක්ෂණයකි.

ඉහත කී චිත්‍රපට දෙක කවරාකාරයකින් හෝ සෙසු චිත්‍රපට අභිබවා සිටියි.සැබැවින්ම මෙය විද්‍යාත්මක විධික්‍රම මත සිදු කරන ලද සමීක්ෂණයක් නොවේ. කෙසේවුවද, කෙවින්ගේ ‘ට්විටර්’ පණිවුඩයට ලද පිළිතුරු අනුව, රසිකයන්ගේ තෝරාගැනීම මෙලෙස පෙළගැස්විය හැකිය.

1. කෝකෝ (Coco) 2017

2. මාර්ලි ඇන්ඩ් මී (Marley and Me) 2008

3. ෂින්ඩ්ලර්’ස් ලිස්ට් (Schindler’s List) 1993

4. අප් (Up) 2009

5. ටර්ම්ස් ඔෆ් එන්ඩියර්මන්ට් (Terms of Endearment) 1983

6. ටෝයි ස්ටෝරි ත්‍රී (Toy Story 3) 2010

7. ඇවන්ගර්ස් : එන්ඩ්ගේම් (Avengers: Endgame) 2019

8. ද ග්‍රීන් මයිල් (The Green Mile) 1999

9. ද නෝට්බුක් (The Notebook) 2004

10. බීච්ස් (Beaches) 1988

‘කෝකෝ’ (Coco) ඉහත කී ලැයිස්තුවේ පළමු තැන හිමිකර ගැනීම සම්බන්ධයෙන් චිත්‍රපට විචාරක කෙවින් ලී (Kevin Lee) පුදුම නොවීය.

”මම එම චිත්‍රපටයට වශී වුනා. හැම දර්ශන වාරයකදීම එය වැඩි වැඩියෙන් රස විඳින්න හැකිවුනා,” කෙවින් BBC News වැඩසටහනට පැවසීය.

‘ඔබේ සිහිනය ලුහු බඳින්න’ යන හුරුපුරුදු පණිවුඩය ‘Coco’ චිත්‍රපටයෙන් දෙනවා. ඒවගේම, ඔබ සතු උරුමය තේරුම් ගන්න – එය ඔබේ ජීවිතයේ සැකැස්ම කෙරෙහි බලපාන්නේ කොහොමද?- එය තවදුරටත් ගතික සහ ප්‍රගතිශීලී වන අතරවාරයේ සංස්කෘතික පරිණාමය සහ එහි ගෞරවයට හේතුවෙන ආකාරයත් එමගින් පෙන්නුම් කෙරෙනවා.

“ඒ වගේම මේ කතාව හරිම සංවේදීයි. චරිත සමග යම්කිසි නෑකමක් දැනෙනවා. මට හිතෙන හැටියට ඒ කරුණු තමයි මේ චිත්‍රපටය රසිකයන් බොහෝ දෙනෙකුගේ සිත් ඇදගැනීමට හේතුව,” එය කෙවින්ගේ නිගමනයයි.

නතාලි නම් සිනමා රසිකාව කෙවින්ගේ ‘ට්විටර්’ පණිවුඩයට ප්‍රතිචාරය දක්වමින් මෙසේ ලියා එව්වාය.

“ඇත්තෙන්ම මගේ තේරීම ‘Coco’. මම සිනමා ශාලාවට ගොස් පස් වතාවක්ම එය බැලුවා. කවුද දන්නේ – කී සැරයක් රූපවාහිනියෙන් බලල ඇද්ද කියල. ‘Coco’ මගේ හදවතට සහ ඔළුවට කතා කරන චිත්‍රපටයක්.”

එහෙත් Ya – Ya – Yaesa ගේ තේරීම වෙනත් සිනමා සිත්තමකි.

“මගේ තේරීම Marley and me’ ළමයෙක් හැටියට මට සෙල්ලමින් ඉන්න බල්ලෙක් ඉන්න චිත්‍රපටයක් ඕන කළා. ඒක නරඹලා මට ඇඬුනා.”

‘Animation’ තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද ඩිස්නි/ පික්සාර් (Disney/Pixar) නිර්මාණ තුනක් ඉහත කී වඩාත් ‘හැඟුම්බර’ චිත්‍රපට දහය අතර වෙති.’Toy Story 3′ සිනමා කෘතිය ‘අපේ පරම්පරාවේ වඩාත් දුක දැනෙන චිත්‍රපට වලින් එකක් හැටියට නම් කෙරෙද්දී, ‘අප්’ (Up) පරම්පරා කීපයක්ම මුසපත් කරන නිර්මාණයක් වී ඇත.

සමස්තයක් ලෙස ගත්විට, දෙයාකාරයක සංවේදී කතා වස්තූන් රසිකයන්ගේ පිළිතුරු මගින් ඉස්මතු කෙරෙන බවත් කෙවින් පෙන්වා දෙයි.

ඉන් එකක් වන්නේ, චරිතයක අභාවයක් මුල්කර ගනිමින් වැලපීමයි. එක්කෝ ඔවුන් එම චරිතයට දැඩි හැඟුම්බරව ආසක්තව වැඩුන හෙයින් එය හද කකියන සිදුවීමක් වීම හෝ එසේ නැත්නම්, තමන් බැඳුන චරිතයක් අහිමිවීමක් පිළිබඳ පෞද්ගලික කතන්දරයක් ඔවුන් අන්‍යයන් සමඟ බෙදාහදා ගැනීමක් විය හැක,” කෙවින් පවසයි.

සිය මිත්තනිය මෑතදී මියගිය පසුව ‘කෝකෝ'(Coco) චිත්‍රපටය තමාට විශේෂයෙන් ම බල පෑ බව එක් රසිකයෙක් කෙවින්ට දැනුම් දී ඇත. ‘කෝකෝ'(Coco) චිත්‍රපටයේ මිත්තනිය එහි කේන්ද්‍රීය චරිතයක් වන අතර චිත්‍රපටයේ අතිශය සංවේදී භූමිකාවයි.

දුක් කඳුළු සහ සතුටු කඳුළු

“මම දැකපු අනිත් පොදු විශේෂ ලක්ෂණය සත්‍යය ඉතිහාසය පදනම් කර ගනිමින් නිර්මාණය කරන ලද සිනමා නිර්මාණ විශේෂයෙන්ම මානව ඉතිහාසයේ අන්ධකාර පරිච්ඡේද පසුබිම් කරගත් කතා මහජනයා විසින් වැලඳ ගනු ලැබීම,” කෙවින් ලී පවසයි.

“මානව ඉතිහාසයේ අඳුරුම කාලවලට පිවිසුනාම මනුෂ්‍යත්වයේ අති පරිහානිය වගේම මනුෂ්‍යත්වයේ උත්තරීතර ගුණාංගත් අපට එකවර දකින්න ලැබෙනවා. ඉතින් අපට හරියටම සහතික නැහැ- අපි හෙළන්නේ දුක් කඳුළුද? සතුටු කඳුළුද? කියල.”

රසිකයන් විසින් වැඩියෙන්ම තෝරාගනු ලැබ ඇති සෙසු චිත්‍රපට අතරට 1980 දශකයේ නිර්මාණ වන කාන්තා චරිත මුල්කරගත් ‘Terms of Endearment’, ‘Beaches’ සහ ‘Steel Magnolias’ පටන් 2019 Avengers: Endgame ඇතුළත් වෙයි.

Terms of Endearment
,Terms of Endearment චිත්‍රපටය

කොරෝනාවෛරසය නිසා දැනට බල පැවැත්වෙන ‘ලොක්ඩවුන්’ කිරීම තමා විසින් පළ කරන ලද ‘ට්විටර්’ පණිවුඩය ඉහත සඳහන් කරන ලද තරම් සමාජගත වීමට එක්තරා හේතුවක් වන්නට ඇත යන්න කෙවින්ගේ විශ්වාසයයි.

ඔහු මෙසේ ප්‍රතිචාරය පළ කරයි.

”මගේ එකම න්‍යාය වන්නේ,මේ මොහොතේ කාගේත් නිශ්චිත හැඟීම කුමක්ද කියන කාරණය විමසා බැලීම.”

”ඔක්කෝම වගේ දැන් ජීවත්වන්නේ දැඩි හුදෙකලා තත්වයක.’ලොක්ඩවුන්’ වෙලා තනිව සිටින විට නොයෙක් කතන්දර එලියට එනවා.”

කෙවින් මෙසේ පවසයි.

”සමහර විට මේ ‘හුයට ‘ (thread)අන් අය සමඟ සහ සම්බන්ධතාවක් ඇතිකර ගන්න අවශ්‍ය පුද්ගලයන් එක්වෙන්න ඉඩකඩ තියෙනව.දැන් පවතින තත්වය මගින් මහජනයාට ඔවුන්ගේ ඉතා ම පෞද්ගලික තොරතුරු විවෘත ලෙස හෙළිදරව් කරන්න පරිසරයක් නිර්මාණය කර තිබෙනවා.”

Text copied by bbc sandesaya