චීනයේ කොරෝනා ආසාදිතයින් අඛණ්ඩව පහළට

චීනයේ කොරෝනා ආසාදිතයින් අඛණ්ඩව පහළට
Spread the love
ගෝලීය වශයෙන් කොරෝනා ආසාදනයේ වත්මන් තත්ත්වය – 2020 මාර්තු 08 දිනට

චීනයේ කොරෝනා නව ආසාදිතයින් වාර්තා වීම ඉලක්කම් දෙකේ අගයට පත්ව තිබෙන බවත් ඒ අනුව චීනයේ නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව පහළ යමින් තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වෙනවා.

චීන රජයේ නිල වාර්තා උපුටා දක්වන එම මාධ්‍ය වාර්තාවලට අනුව නව කොරෝනා වෛරසය මුලින්ම වාර්තා වූ හුබෙයි පළාතෙන් පිටත ඊයේ (සෙනසුරාදා) වාර්තා වී ඇත්තේ රෝගීන් තිදෙනකු පමණක් වන අතර වූහන් නගරයෙන් රෝගීන් 41 දෙනකු වාර්තා වී තිබෙනවා. සෙසු ප‍්‍රදේශවලින් නව රෝගීන් වාර්තා වී නොමැති බවයි එම වාර්තා කියන්නේ.. එසේ සිදුව ඇත්තේ අඛණ්ඩව තෙවැනි දිනට බවයි එම වාර්තා වැඩි දුරටත් සදහන් කරන්නේ.

චීන රජයේ වාර්තාවලට අනුව මේ වන විට ‍චීනයේ වාර්තා වි ඇති සම්පූර්ණ රෝගීන්ගේ සංඛ්‍යාව 80,695ක් වන අතර සම්පූර්ණ මරණ සංඛ්‍යාව 3097ක්.

ඊයේ (7) දිනයේදී වාර්තා වී ඇති නව මරණ සංඛ්‍යාව 274ක් වන අතර සුව වූ රෝගීන් 1661 දෙනෙක් රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ දින දක්වා සමස්ත සුව වූ රෝගීන් සංඛ්‍යාව 57065ක් දක්වා වර්ධනය වී ඇති අතර මේ වන විට පුද්ගලයන් 20,533ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද සදහන්.